ජනපති දළඳා මැදුරට..

රටතොට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජූලි 13 වැනි දා පෙරවරුවේ දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගනියි.

දළදා මාළිගාව වෙත ගිය ඔහු දියවඩන නිලමේ නිලංග දෑල විසින් පිළිගනු ලැබී ය.

මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේ, අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි සහ අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නා හිමිපාණන් වහන්සේ බැහැ දුටු හෙතෙම උන් වහන්සේ සමග සුහද පිළිසඳරක නිරත විය.

ඒ අතර, අස්ගිරි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රි ඥානරතන නා හිමිපාණන් වහන්සේ ද බැහැ දැකීමට ජනාධිපතිවරයා අවස්ථාව උදා කරගත් අතර, අනුනායක අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි සහ ලේඛකාධිකාරී අතිපූජ්‍ය
මැදගම ධම්මානන්ද නා හිමිවරු ද එම අවස්ථාවට එක් වූ හ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/07/13/%e0%b6%a2%e0%b6%b1%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b6%af%e0%b7%85%e0%b6%b3%e0%b7%8f-%e0%b6%b8%e0%b7%90%e0%b6%af%e0%b7%94%e0%b6%bb%e0%b6%a7/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *