කොරෝනා නිපැයුමක් විධිමත් ව

කොවිඩ් 19 වෛරසය ආසාදිතයන්ගේ ප්‍රතිකාර සඳහා යෝග්‍ය දේශීය නව නිර්මාණයක් වූ MCPR ( Chest Compressor Machine) යන්ත්‍රයක් නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොලගේ නිරීක්ෂණයට ලක් වේ. කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ අවසන් වසරේ ශිෂ්‍යෙයෙකු වන ඩිල්ශාන් අබේවර්ධන විසින් අගෝස්තු 24 වැනි දා සිය නිර්මාණය ඇය වෙත ඉදිරිපත් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

චීන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, නාවුක හමුදාධිපති හමුවට

ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ජ්‍යේෂ්ඨ කර්නල් වැන් ඩොන්ග් අගෝස්තු 24 වැනි දා කොළඹ නාවුක හමුදා මූලස්ථානයේ දී නාවුක හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමු විය. ශ්‍රී ලංකා නාවුක හමුදාවේ 24 වැනි නාවුක හමුදාධිපතිවරයා ලෙස පත්වීම සම්බන්ධයෙන් නාවුක හමුදාධිපතිවරයා වෙත සිය සුභාශිංසන පිරිනැමූ ජ්‍යේෂ්ඨ කර්නල් වැන් ඩොන්ග්, ශ්‍රී ලංකාව සහ මහජන […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කළු කොටියා ගැන වැරදි මත එපා!

මාස කිහිපයකට ඉහත නල්ලතන්නිය ප්‍රදේශයේ දී අවාසනාවන්ත ලෙස මියගිය කළු කොටියා සංරක්ෂණය පිළිබඳ සාවද්‍ය මත සමාජගත වෙතැයි කෞතුකාගාර දෙපාර්තමේන්තුව කියයි. මන්දකට හසු ව මියගිය එම සත්ත්වයා සංරක්ෂණය සඳහා අධිකරණ නියෝගයක් මත කෞතුකාගාරයට පැවරුනු බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සනුජා කස්තුරිආරච්චී විසින් අගෝස්තු 24 වැනි දා නිකුත් කළ නිවේදනයක දැක් වේ. මේ වනවිට අදාල කටයුතු […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

බෙයිදෝ,චන්ද්‍රිකා මග පෙන්වීමේ පද්ධතියේ පෙරළියකට

නූතන තාක්ෂණයේ පෙරළි අතර චන්ද්‍රිකා මග පෙන්වීමේ පද්ධති තාක්ෂණය‍ට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. ගුවන්යානයේ සිට අත ඇති ස්මාර්ට් ජංගම දුරකතනය දක්වාම මෙම තාක්ෂණය උපයෝගී කර ගැනෙනවා.මෙම තාක්ෂයේ සන්ධිස්ථානයක් හිමි කරගැනීමට චීනය පසුගිය දා සමත් වුණා. ඒ තමන්‍ගේ ම චන්ද්‍රිකා මග පෙන්වීමේ පද්ධතියක් හිමි රටවල් කිහිපය අතරට එක්වීමට චීනයට හැකිවීමයි.‍මෙම පද්ධතිය හැඳින්වෙන් නේ බෙයිදෝ 3 චන්ද්‍රකා මග […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ඔස්ට්‍රේලියාවෙන් නාවුක හමුදාවට ප්‍රදානයක්

ඔස්ට්‍රේලියානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 23.4 ක් වටිනා සෞඛ්‍යාරක්‍ෂිත පළඳනා තොගයක් නාවුක හමුදාවට පිරිනමයි. ප්‍රදානය අගෝස්තු 14 වැනි දා කොළඹ ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් නිල නිවසේ දී සිදු කෙරිණ. කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ ව්‍යප්තිය වැළැක්වීම පිණිස රජය විසින් ක්‍රියාත්මක කරන ඒකාබද්ධ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා නාවුක හමුදාව විෂබීජහරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, විෂබීජහරණ කුටි […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

රැකියා ප්‍රදාන වහා ම

මහ මැතිවරණය හේතුවෙන් ඇණහිට තිබූ, පුද්ගලයින් 150,000 ක් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන නොපමාව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කරයි. පත්වීම් ලබන රැකියා විරහිත උපාධිධාරීන් සංඛ්‍යාව 50,000 කි. සෙසු රැකියා ලක්ෂයට සුදුස්සන් තෝරා ගනුයේ සමාජයේ පහළ ම ආදායම් ස්ථරයට අයත් පවුල්වලිනි. ජනාධිපතිවරයා ඉකුත් වසරේ නොවැම්බර් මස සිය ධුරයට පත් ව සති කිහිපයක් ඇතුළත උපාධිධාරීන් 50,000ක් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නව කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරු

නව කැබිනට් අමාත්‍යාංශ 25 ක් සඳහා පත් කෙරුණු ලේකම්වරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතින් 13 වැනි දා පස්වරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේ දී අදාල පත්වීම් ප්‍රදානය කෙරිණ. නව අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ = 01- ඩබ්.එම්.ඩි.ජේ. ප්‍රනාන්දු – අමාත්‍ය මණ්ඩල ලේකම් 02- ආර්.ඩබ්.ආර්. පේමසිරි – මහාමාර්ග අමාත්‍යාංශය 03- එස්.ආර්. ආටිගල – මුදල් අමාත්‍යාංශය 04- ජේ.ජේ. රත්නසිරි […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නීතිවිරෝධී කහ තොගයක්

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ආ කහ තොගයක් සමග සැකකරුවන් පිරිසක් නාවුක හමුදා භාරයට ගැනේ.‍ හලාවත තුඩුවේ සිට නාවුක සැතපුම් 10 ක් පමණ (කිලෝමීටර් 18 ක් පමණ) දුර මුහුදේ සැක කටයුතු ට්‍රෝලර් යාත්‍රාවක් පරීක්‍ෂා කිරීමේ දී එහි තිබී අදාල කහ තොගය සමඟ සැකකරුවන් 04 දෙනෙක් සහ ට්‍රෝලර් යාත්‍රාවක් 2020 අගෝස්තු 11 වැනි දා එසේ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නව ඇමති මණ්ඩලය දිවුරුම් දෙයි.

නව රජයේ අමාත්‍යවරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දෙති. දිවුරුම්දීම අ‍ගෝස්තු 12 වැනි දා පෙරවරුවේ මහනුවර ශ්‍රී දළඳා මාළිගා පරිශ්‍රයේ ඓතිහාසික මඟුල් මඩුවේ දී සිදු විය. අනාගතයේ අපේක්ෂා කෙරෙන සෞභාග්‍යවත් දේශය ගොඩනැගීම සඳහා කැප වන කාර්යශූර අමාත්‍ය මණ්ඩලයක අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් පෙන්වා දී තිබිණ. “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ප්‍රායෝගික ව […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නාවුක හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් හමුවක්

නාවුක හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අගෝස්තු 10 වැනි දා ඇතුල්කෝට්ටේ දී අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්, වසන්ත කරන්නාගොඩ හමු වේ. මෙරට පළමු වරට එම ගෞරවනීය නිලය ලද අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, 2005 සිට 2009 වසර දක්වා ශ්‍රී ලංකා නාවුක හමුදාවේ 15 වැනි නාවුක හමුදාධිපති වශයෙන් කටයුතු කළේ ය. මෙරටින් ත්‍රස්තවාදය තුරන් කිරීම පිණිස […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න