පරාද අයට ජාතික ලැයිස්තුවත් එපා!

රටතොට

පැවති මහා මැතිවරණයට ඉදිරිපත් ව පරාජයට පත් අපේක්ෂකයින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් නොකළ යුතු බව කැ‌ෆේ සංවිධානය කියයි.

එහි විධායක අධ්‍යක්ෂ මනාස් මකීන් සඳහන් කළේ එලෙස ජනතාව ප්‍රතික්ෂේප කළ පුද්ගලයින් ජාතික ලැයිස්තුවෙන් පත් කිරීම ජනවරමට පිටුපෑමක් බව ය.

අගෝස්තු 07 වැනි දා පැවති මාධ්‍ය හමුව් අමතමින් ඔහු ඒ බව ප්‍රකාශ කළේ ය.

මහ මැතිවරණයේදී ජනතාවගේ බහුතර මනාපයෙන් පිරිසක් පත්කරගෙන ඇති අතර ඇතැම් දිස්ත්‍රික්වල ප්‍රබල අපේක්ෂකයින් පරාජයට පත් ව තිබේ.

මෙයින් පැහැදිලි වන්නේ අදාල පුද්ගලයින් කෙරෙහි ඇති ජනතා අකමැත්ත බව කැෆේ විධායක අධ්‍යක්ෂවරයා පෙන්වා දේ.

පාර්ලිමේන්තුවට නුසුදුසු යැයි ජනතාව විසින් ඉවත් කළ පුද්ගලයින්ට ජාතික ලැයිස්තුවෙන් අවස්ථාව ලබාදීම මෙරට දේශපාලනය තුළ දක්නට ලැබෙන නොමනා සම්ප්‍රදායක් බවත්, එය සම්පූර්ණයෙන් ප්‍රජාතන්ත්‍රවිරෝධි ක්‍රියාවක් බවත් හෙතෙම පවසයි.

ජනවරම ලබාදුන් අපේක්ෂකයින් අතරට ජනතාවගේ නොමනාපයට පත් අපේක්ෂකයින් යළි ජාතික ලැයිස්තුවෙන් පත් කරන දේශපාලන පක්ෂ හා නායකයින් ජනතා අප්‍රසාදයට ලක්වනු ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/08/07/%e0%b6%b4%e0%b6%bb%e0%b7%8f%e0%b6%af-%e0%b6%85%e0%b6%ba%e0%b6%a7-%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%bd%e0%b7%90%e0%b6%ba%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%94%e0%b7%80/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *