නව අගමැතිවරයා දිවුරුම් දෙයි.

දේශපාලන

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවේ 13 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දෙයි.

ඒ අ‍ගෝස්තු 09 වැනි දා පෙරවරුවේ ඓතිහාසික කැලණිය පුද බිමේ දී ය.

සිව් වැනි වරටත් අග්‍රාමාත්‍යධුරයට පත් හෙතෙම 2005 සිට 2015 දක්වා දෙවතාවක් මෙරට විධායක ජනාධිපතිධුරය හොබවන ලදී.

වසර 50 ක දේශපාලන ඉතිහාසයකට හිමිකම් කියන ඔහු 1970 වසරේ පාර්ලිමේන්තුවට පිවිසියේ ය. 1995 වසරේ සිට 2004 දක්වා කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස හෙතෙම කටයුතු කළේ ය.

2004 අප්‍රේල් මස 06 වැනි දා පළමුවරට අග්‍රාමාත්‍යධුරයට පත් හෙතෙම 2018 ඔක්තෝබර් 26 වැනි දා දෙවැනි වරටත්, 2019 නොවැම්බර් මස 21 වැනි දා තෙවැනි වරටත් අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම් දුන්නේ ය.

තිස් වසරක පමණ කාලයක් පැවති ත්‍රස්තවාදය මුලිනුපුටා දමා වේගවත් සංවර්ධනයකට රට රැගෙන යන ලද්දේ ඔහු විසිනි.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට තරග කළ මහින්ද රාජපක්ෂ මහතා මනාප 527,364ක් ලබා ගනිමින් මැතිවරණයක දී අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාව ලබා ගත්තේ ය.

විධායක ජනාධිපතිධුරයේ දෙවරක් සේවය කර අග්‍රමාත්‍යධුරයට 04 වතාවක් පත්වූ පළමුවැන්නා ඔහු වේ.

මහා සංඝරත්නය සහ අන්‍යාගමික පූජකවරු, ආණ්ඩුකාරවරු, ජනාධිපති ලේකම්, තානාපතිවරු, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ හා නව රජයට සහාය පළ කරන නව මන්ත්‍රීවරු සහ පවුලේ ඥාතීහූ පිරීසක් මේ අවස්ථාවට එක්ව සිටිය හ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/08/09/%e0%b6%b1%e0%b7%80-%e0%b6%85%e0%b6%9c%e0%b6%b8%e0%b7%90%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b6%bb%e0%b6%ba%e0%b7%8f-%e0%b6%af%e0%b7%92%e0%b7%80%e0%b7%94%e0%b6%bb%e0%b7%94%e0%b6%b8%e0%b7%8a-%e0%b6%af/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *