අමාත්‍යාංශ ව්‍යුහය පිළිබඳ අතිවිශේෂ ගැසට්පත්‍රයක්

දේශපාලන

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අමාත්‍යාංශ 28 කින් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40 කින් සමන්විත අමාත්‍යාංශ ව්‍යුහය අතිවිශේෂ ගැසට්
නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරයි.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාට අයත් අමාත්‍යාංශ ද ඊට අයත් වේ.

අමාත්‍යාංශ සංයුතිය, විෂයය පථය, අදාල ආයතන සහ බල පවත්නා නීති හා අණපනත් සඳහන් ගැසට් නිවේදනය අ‍ගෝස්තු 10 වැනි දා පස්වරුවේ ප්‍රකාශයට පත් කරනු ලැබී ය.

අමාත්‍යාංශ සකස් කිරීමේ දී ජාතික ප්‍රමුඛතා, ප්‍රතිපත්තිමය වගකීම් සහ කාර්යයභාරය සැලකිල්ලට ගෙන තිබේ. එක් එක් අමාත්‍යාංශයට අයත් පුළුල් කාර්යයභාරය අනුව සුවිශේෂ ප්‍රමුඛතා සපුරා ගැනීම සහ අදාල වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පහසු වන පරිදි රාජ්‍ය අමාත්‍යාංශ සකස් කර ඇත.

අමාත්‍යාංශ ව්‍යුහය සැකසීමේ දී ජාතික ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය,යටිතල පහසුකම්, අධ්‍යාපනය, සෞඛ්‍යය හා ක්‍රීඩා යන ක්ෂේත්‍ර කෙරෙහි
විශේෂ අවධානය යොමු වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය කියයි.

එකී ව්‍යුහය මගින් ග්‍රාමීය හා කෘෂිකාර්මික සංවර්ධනයේ මෙන් ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද පැතිකඩ රැසක් ආවරණය කර ඇත.

සෑම අමාත්‍යාංශයකම විෂයය පථය, සුවිශේෂ ප්‍රමුඛතා, අදාල ආයතන සහ නීතිරාමුව අනු මාතෘකා යටතේ පැහැදිලි කර තිබේ.

අමාත්‍යාංශ භාර අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු අගෝස්තු 12 වැනි බදාදා පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ මඟුල් මඩුවේ දී ජනාධිපතිවරයා හමුවේ දිවුරුම් දීමට නියමිතයි.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/08/10/%e0%b6%85%e0%b6%b8%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%8f%e0%b6%82%e0%b7%81-%e0%b7%80%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%94%e0%b7%84%e0%b6%ba-%e0%b6%b4%e0%b7%92%e0%b7%85%e0%b7%92%e0%b6%b6/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *