නව ඇමති මණ්ඩලය දිවුරුම් දෙයි.

දේශපාලන

නව රජයේ අමාත්‍යවරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දෙති.

දිවුරුම්දීම අ‍ගෝස්තු 12 වැනි දා පෙරවරුවේ මහනුවර ශ්‍රී දළඳා මාළිගා පරිශ්‍රයේ ඓතිහාසික මඟුල් මඩුවේ දී සිදු විය.

අනාගතයේ අපේක්ෂා කෙරෙන සෞභාග්‍යවත් දේශය ගොඩනැගීම සඳහා කැප වන කාර්යශූර අමාත්‍ය මණ්ඩලයක අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් පෙන්වා දී තිබිණ.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ප්‍රායෝගික ව සහ යථාර්ථවාදී ව අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය සැලසුම් කර තිබේ.

අමාත්‍යාංශ ව්‍යුහය සැකසීමේ දී ජාතික ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය, යටිතල පහසුකම්, අධ්‍යාපනය, සෞඛ්‍යය හා ක්‍රීඩා යන ක්ෂේත්‍ර
කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරිණ.

අභිනව කැබිනට් මණ්ඩලයට අග්‍රාමාත්‍යවරයා ඇතුළු ව 25 දෙනෙක් අයත් වෙති. රාජ්‍ය අමාත්‍යවරුන් ගණන 39කි. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් ලෙස 23 දෙනෙක් පත් කරනු ලැබ සිටිති.

දිස්ත්‍රික් කමිටු සභාපතිවරු

1- ප්‍රදීප් උදුගොඩ – කොළඹ දිස්ත්‍රික්කය
2- සහන් ප්‍රදීප් විතාන – ගම්පහ දිස්ත්‍රික්කය
3- සංජීව එදිරිමාන්න – කළුතර දිස්ත්‍රික්කය
4- වසන්ත යාපා බණ්ඩාර – මහනුවර දිස්ත්‍රික්කය
5- එන්. නාලක බණ්ඩාර කෝට්ටේගොඩ – මාතලේ දිස්ත්‍රික්කය
6- එස්.බී. දිසානායක – නුවරඑළිය දිස්ත්‍රික්කය
7- සම්පත් අතුකෝරළ – ගාල්ල දිස්ත්‍රික්කය
8- නිපුණ රණවක – මාතර දිස්ත්‍රික්කය
9- උපුල් ගලප්පත්ති – හම්බන්තොට දිස්ත්‍රික්කය
10- අංගජන් රාමනාදන් – යාපනය දිස්ත්‍රික්කය
11- ඩග්ලස් දේවානන්ද – කිලිනොච්චිය දිස්ත්‍රික්කය
12- කේ. දිලීප – වව්නියාව දිස්ත්‍රික්කය
13- කේ. කාදර් මස්තාන් – මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කය
14- ඩී. වීරසිංහ – අම්පාර දිස්ත්‍රික්කය
15- කපිල අතුකෝරල – ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
16- ගුණපාල රත්නසේකර – කුරුණෑගල දිස්ත්‍රික්කය
17- අශෝක ප්‍රියන්ත – පුත්තලම දිස්ත්‍රික්කය
18- එච්. නන්දනසේන – අනුරාධපුර දිස්ත්‍රික්කය
19- අමරකීර්ති අතුකෝරළ – පොළොන්නරුව දිස්ත්‍රික්කය
20- සුදර්ශන දෙනිපිටිය – බදුල්ල දිස්ත්‍රික්කය
21- කුමාරසිරි රත්නායක – මොණරාගල දිස්ත්‍රික්කය
22- අකිල එල්ලාවල – රත්නපුරය දිස්ත්‍රික්කය
23- රාජිකා වික්‍රමසිංහ – කෑගල්ල දිස්ත්‍රික්කය

නව රාජ්‍ය අමාත්‍යවරු

1- චමල් රාජපක්ෂ – අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරන
2- පියංකර ජයරත්න – විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගීකරණ
3- දුමින්ද දිසානායක – සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන
4- දයාසිරි ජයසේකර -බතික්, අත්යන්ත්‍ර, රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන
5- ලසන්ත අලගියවන්න – සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ
6- සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ -බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන
7- අරුන්දික ප්‍රනාන්දු -පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ
8- නිමල් ලන්සා – ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම්
9- ජයන්ත සමරවීර -ගුදම් පහසුකම්, බහලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන
10- රොෂාන් රණසිංහ -ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන
11- කනක හේරත් -සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිත බෝග වගා තේ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන
12- විදුර වික්‍රමනායක – ජාතික උරුම, ප්‍රසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පි ප්‍රවර්ධන කටයුතු
13- ජානක වක්කුඹුර -උක්, බඩඉරිගු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි,බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය,ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන
14- විජිත බේරුගොඩ – දහම්පාසල්, භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්වවිද්‍යාල
15- ෂෙහාන් සේමසිංහ – සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයංරැකියා,ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන , රාජ්‍ය සම්පත් සංවර්ධන
16- මොහාන් ද සිල්වා – පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන
17- ලොහාන් රත්වත්තේ – මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත
18- දිලුම් අමුණුගම – වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත
19- විමලවීර දිසානායක – වනජීවි රැකවරණය, අලි වැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙල හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන
20- තාරක බාලසූරිය – කලාපීය සහයෝගිතා කටයුතු
21- ඉන්දික අනුරුද්ධ මහතා – ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්තප්‍රවර්ධන
22- කංචන විජේසේකර – විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන
23- සනත් නිශාන්ත – ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන
24- සිරිපාල ගම්ලත් – මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස,පොදු යටිතල පහසුකම් සංවර්ධන
25- සරත් වීරසේකර – පළාත් සභා හා පළාත් පාලන කටයුතු
26- අනුරාධ ජයරත්න -ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන
27- සදාසිවම් වියාලේන්ද්‍රන් -තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන
28- තේනුක විදානගමගේ – ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන
29- සිසිර ජයකොඩි – දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය
30- පියල් නිශාන්ත ද සිල්වා – කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන,පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා
31- ප්‍රසන්න රණවිර – වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන
32- ඩී.වී. චානක – ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන
33- ඩී.බී. හේරත් – පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත
34- ශෂීන්ද්‍ර රාජපක්ෂ – වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස්, ලූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම
35- නාලක ගොඩහේවා – නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැරවීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු
36- ජීවන් තොණ්ඩමන් – වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම්
37- අජිත් නිවාඩ් කබ්රාල් – මුදල් හා ප්‍රාග්ධන වෙළෙදපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ
38- සීතා අරඹේපොළ – නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන,පර්යේෂණ හා නව නිපැයුම්
39- චන්න ජයසුමන – ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන

කැබිනට් අමාත්‍යවරු

1- ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ – ආරක්ෂක
2- මහින්ද රාජපක්ෂ – මුදල්
3- මහින්ද රාජපක්ෂ – බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු
4- මහින්ද රාජපක්ෂ – නාගරික සංවර්ධනය හා නිවාස
5- නිමල් සිරිපාල ද සිල්වා – කම්කරු
6- ජී.එල්. පීරිස් – අධ්‍යාපන
7- පවිත්‍රාදේවි වන්නිආරච්චි – සෞඛ්‍ය
8- දිනේෂ් ගුණවර්ධන – විදේශ
9- ඩග්ලස් දේවානන්ද – ධීවර
10- ගාමිණි ලොකුගේ – ප්‍රවාහන
11- බන්දුල ගුණවර්ධන – වෙළෙඳ
12- ආර්.එම්.සී.බී. රත්නායක -වනජීවි හා වන සංරක්ෂණ
13- ජනක බණ්ඩාර තෙන්නකෝන් – රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත්පාලන
14- කෙහෙළිය රඹුක්වැල්ල – ජනමාධ්‍ය
15- චමල් රාජපක්ෂ – වාරිමාර්ග
16- ඩලස් අලහප්පෙරුම – විදුලිබල
17- ජොන්ස්ටන් ප්‍රනාන්දු – මහාමාර්ග
18- විමල් වීරවංශ – කර්මාන්ත
19- මහින්ද අමරවීර – පරිසර
20- එස්.එම්. චන්ද්‍රසේන – ඉඩම්
21- මහින්දානන්ද අළුත්ගමගේ – කෘෂිකර්ම
22- වාසුදේව නානායක්කාර – ජලසම්පාදන
23- උදය ප්‍රභාත් ගම්මන්පිල – බලශක්ති
24- රමේෂ් පතිරණ – වැවිලි
25- ප්‍රසන්න රණතුංග – සංචාරක
26- රෝහිත අබේගුණවර්ධන – වරාය හා නාවික
27- නාමල් රාජපක්ෂ – තරුණ හා ක්‍රීඩා
28- අලී සබ්‍රි – අධිකරණ

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/08/12/%e0%b6%b1%e0%b7%80-%e0%b6%87%e0%b6%b8%e0%b6%ad%e0%b7%92-%e0%b6%b8%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b6%bd%e0%b6%ba-%e0%b6%af%e0%b7%92%e0%b7%80%e0%b7%94%e0%b6%bb%e0%b7%94%e0%b6%b8%e0%b7%8a-%e0%b6%af/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *