කළු කොටියා ගැන වැරදි මත එපා!

උණුසුම්

මාස කිහිපයකට ඉහත නල්ලතන්නිය ප්‍රදේශයේ දී අවාසනාවන්ත ලෙස මියගිය කළු කොටියා සංරක්ෂණය පිළිබඳ සාවද්‍ය මත සමාජගත වෙතැයි කෞතුකාගාර දෙපාර්තමේන්තුව කියයි.

මන්දකට හසු ව මියගිය එම සත්ත්වයා සංරක්ෂණය සඳහා අධිකරණ නියෝගයක් මත කෞතුකාගාරයට පැවරුනු බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සනුජා කස්තුරිආරච්චී විසින් අගෝස්තු 24 වැනි දා නිකුත් කළ නිවේදනයක දැක් වේ.

මේ වනවිට අදාල කටයුතු සාර්ථක ව සිදුවෙතත් එහි පැමිණි ඇතැම් පාර්ශ්ව සම්පූර්ණයෙන් නිම නොවූ කළු කොටියාගේ අනුරුව ඡායාරූපයට නගා අදාල කටයුතු නිසි පරිදි සිදු නොවන බව හුවා දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රචාඑ ගෙන යන බව ඇය ප්‍රකාශ කර ඇත.

තමා ඒ පිළිබඳ අතිශය කණගාටුවට පත් වන බවත්, මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ රාජා හස්තියාගේ අනුරුව සැකසූ සිය ආයතනයේ නිලධාරීන් මෙම සත්ත්වයාගේ අනුරුව ද චර්ම ශිල්පීය ක්‍රමවේද හා කුසලතා මත ඉතා උසස් අන්දමින් සංරක්ෂණය කරන බව අධ්‍යක්ෂ ජනරාල්වරිය ප්‍රකාශ කරයි.

එබැවින් තවමත් සංරක්ෂණ කටයුතු සිදු කෙරෙන මෙම සත්ත්වයාගේ අනුරුවෙහි ඡායාරූප පළ කරමින් දැඩි විවේචන හා වැරදි මතවාද සමාජගත නොකරන මෙන් ඇය අදාල පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින්නී ය.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/08/24/%e0%b6%9a%e0%b7%85%e0%b7%94-%e0%b6%9a%e0%b7%9c%e0%b6%a7%e0%b7%92%e0%b6%ba%e0%b7%8f-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1-%e0%b7%80%e0%b7%90%e0%b6%bb%e0%b6%af%e0%b7%92-%e0%b6%b8%e0%b6%ad-%e0%b6%91%e0%b6%b4/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *