කොරෝනා නිපැයුමක් විධිමත් ව

විද්‍යා හා තාක්ෂණ

කොවිඩ් 19 වෛරසය ආසාදිතයන්ගේ ප්‍රතිකාර සඳහා යෝග්‍ය දේශීය නව නිර්මාණයක් වූ MCPR ( Chest Compressor Machine) යන්ත්‍රයක් නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොලගේ නිරීක්ෂණයට ලක් වේ.

කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ අවසන් වසරේ ශිෂ්‍යෙයෙකු වන ඩිල්ශාන් අබේවර්ධන විසින් අගෝස්තු 24 වැනි දා සිය නිර්මාණය ඇය වෙත ඉදිරිපත් කළේ ය.

වෛරසය වේගයෙන් ආසාදනය වූ ඉකුත් කාලසීමාව තුළ, එය පාලනය, පර්යේෂණ කටයුතු, ප්‍රතිකාර ආදිය සඳහා නිර්මාණය වූ මෙම යන්ත්‍රය සඳහා මීට මාස කිහිපයකට පෙර පේටන්ට් බලපත්‍රය හිමි ව තිබේ.

ඇමතිවරිය යන්ත්‍රයේ වැඩි දියුණු විය යුතු විශේෂ අංග කිහිපයක් පිළිබඳ පෙන්වා දුන් අතර, ඒ අනුව ජාතික ඹෟෂධ නියාමන අධිකාරිය (NMRA) ‍සහ කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය මඩුල්ලකගේ ද සහයෝගයෙන් යන්ත්‍රය වැඩි දියුණු කර මේ වනවිට ටොස් ලංකා ආයතනය සමග එක්ව වාණිජකරණය කිරීමේ කටයුතු ද සම්පාදනය කර ඇතැයි අමාත්‍යාංශය කියයි.

මෙවැනි යන්ත්‍රයක් ආනයනය සඳහා රුපියල් ලක්ෂ 48 ක් පමණ වැය වන බවත්, මෙරට දී මෙම දේශීය යන්ත්‍රය රුපියල් ලක්ෂ 2.5 කට නිර්මාණය කළ හැකි බව පවසන එහි නිමැවුම්කරු ඩිල්ශාන් අබේවර්ධන, මෙවැනි නිරවද්‍යතාවක් සහිත වාණිජකරණ මට්ටමේ යන්ත්‍රයක් නිර්මාණයට රාජ්‍ය ඇමතිනිය ලබාදුන් දිරිගැනවීම සහ පන්නරය තමාට වැදගත් පිටුවහලක් වූ බව ද පැවසී ය.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/08/24/%e0%b6%9a%e0%b7%9c%e0%b6%bb%e0%b7%9d%e0%b6%b1%e0%b7%8f-%e0%b6%b1%e0%b7%92%e0%b6%b4%e0%b7%90%e0%b6%ba%e0%b7%94%e0%b6%b8%e0%b6%9a%e0%b7%8a-%e0%b7%80%e0%b7%92%e0%b6%b0%e0%b7%92%e0%b6%b8%e0%b6%ad%e0%b7%8a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *