නව කොරෝනා ආසාදිතයින් 17 ක්

සෞඛ්‍යය

සැප්තැම්බර් 09 වැනි දා පෙරවරුව වනවිට මෙරට කොවිඩ් – 19 ආසාදිතයින් 17 දෙනෙකු හඳුනා ගැනේ.

ඉන් 09 දෙනෙකු කන්දකාඩු සහ සේනපුර මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අදාල රැඳවියන් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

සෙසු 08 දෙනා විදේශයන් හි සිට පැමිණි පුද්ගලයෝ වෙති.

ඒ අතර, කුවේටයේ සිට 03 දෙනෙක් – පෙරියකාඩු සහ පැල්වෙහෙර නිරෝධායන මධ්‍යස්ථානයෙන් ද, කටාර් හි සිට පැමිණි 05 දෙනෙකු – බෙකන් බීච් සහ විඩත්තපලෙයි නිරෝධායන මධ්‍යස්ථානයෙන් ද වාර්තා වේ.

මේ වනවිට කන්දකාඩු සහ සේනපුර මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්ට සම්බන්ධ සියලු ආසාදිතයින් ගණන 649 දෙනෙකි. ඒ අතර,
පුනරුත්ථාපනය වන රැඳවියන් – 528
කාර්යය මණ්ඩලය – 67
ආරාධිත කාර්යය මණ්ඩලය – 05
පවුල් හා සමීපතමයින් – 48
වැලිකඩ බන්ධනාගාරයේ කොවිඩ් – 19 වෛරසය – 01

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/09/09/%e0%b6%b1%e0%b7%80-%e0%b6%9a%e0%b7%9c%e0%b6%bb%e0%b7%9d%e0%b6%b1%e0%b7%8f-%e0%b6%86%e0%b7%83%e0%b7%8f%e0%b6%af%e0%b7%92%e0%b6%ad%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-17-%e0%b6%9a%e0%b7%8a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *