නව ඖෂධ නිපදවීම 16 වැනි දා

රටතොට

“අළුත් රටට අළුත් බෙහෙත්” වැඩපිළිවෙල යටතේ නව ඖෂධ නිෂ්පාදනය ඇරඹේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ගේෂ “සෞභග්‍යයේ දැක්ම” ජාතික වැඩසටහනට සමගාමී ව රටට අවශ්‍ය ඖෂධ මෙරට නිෂ්පාදනය කිරීමේ වැඩසටහන, ඖෂධ නිෂ්පාදනය,සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ආරම්භ කිරීමට සූදානම් ව සිටී.

ඒ අනුව රටට අවශ්‍ය ඖෂධවලින් 50 % ක් මෙරට නිෂ්පාදනය කිරීමට පියවර ගෙන ඇත.

එහි පළමු නිෂ්පාදනය වන GABAPENTIN 300 mg ඖෂධය මෙරට වෙළෙඳපොළට හඳුන්වාදීම 2020. සැප්තැම්බර් 16 වැනි දා පෙ.ව.9.00 ට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ දී සිදු කෙරේ.

දැනට රජයේ රෝහල් සඳහා මෙම ඖෂධය වෙනුවෙන් වෛද්‍ය සැපයීම් අංශය වසරකට රුපියල් මිලියන 14.17 ක මුදලක් වැය කරන අතර, පුද්ගලික අංශය රුපියල් මිලියන 1.6 ක මුදලක් වැය කරයි.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/09/15/%e0%b6%b1%e0%b7%80-%e0%b6%96%e0%b7%82%e0%b6%b0-%e0%b6%b1%e0%b7%92%e0%b6%b4%e0%b6%af%e0%b7%80%e0%b7%93%e0%b6%b8-16-%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%92-%e0%b6%af%e0%b7%8f/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *