රජයේ සායන බෙහෙත් නිවසටම

සෞඛ්‍යය

රජයේ රෝහල් සායනවලින් ඖෂධ ලබාගන්නා ජනතාවට අදාල ඖෂධ නිවෙසටම ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරේ.

වැඩ බලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් එස්. ශ්‍රීධරන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අදාල සායනවල පවතින අධික තදබදය කොවිඩ් 19 ව්‍යප්තියට ප්‍රබල පිටුබලයක් බවයි.

එබැවින් ඔක්තෝබර් 13 වැනි දා සිට අදාල ඖෂධ නිවෙස් කරා ලබාදීමේ වැඩපිළිවෙල ඇරඹීමට පියවර ගෙන ඇත.

ප්‍රථමයෙන් ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්වලත්, අනතුරුව දීපව්‍යප්තවත් එය ක්‍රියාවට නැංවේ.

එබැවින් අනවශ්‍ය ලෙස කලබලයට පත් නොවන මෙන් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/10/11/%e0%b6%bb%e0%b6%a2%e0%b6%ba%e0%b7%9a-%e0%b7%83%e0%b7%8f%e0%b6%ba%e0%b6%b1-%e0%b6%b6%e0%b7%99%e0%b7%84%e0%b7%99%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b1%e0%b7%92%e0%b7%80%e0%b7%83%e0%b6%a7%e0%b6%b8/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *