නීතිවිරෝධී මත්ද්‍රව්‍ය 06 දෙනෙකු අත්අඩංගුවට

හමුදා තොරතුරු

නාවුක හමුදාව හා පොලීසිය ඒකාබද්ධ මෙහෙයුමකින් හෙරොයින් සහ දේශීය ගංජා සමඟ සැකකරුවන් 06 දෙනෙක් අත්අඩංගුවට ගැනේ.

සැප්තැම්බර් 10 වැනි දා සිට 13 වැනි දා දක්වා උතුර, උතුරු මැද සහ දකුණ යන නාවුක විධාන තුළ අදාල විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කෙරිණ.

උතුරු නාවුක විධානය, යාපනය නගර්කෝවිල් ප්‍රදේශයේ සිදු කළ ‍සෝදිසි මෙහෙයුමේ දී හෙරොයින් ග්‍රෑම් 01 මිලිග්‍රෑම් 15 ක් සමඟ එක් සැකකරුවෙක් අත්අඩංගුවට පත් අතර, උතුරු මැද නාවුක විධානය හා මන්නාරම කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකය එක් ව මන්නාරම උප්පුකුලම් ප්‍රදේශයේදී සැකකරුවන් 03 දෙනෙකු සමඟ හෙරෝයින් මිලිග්‍රෑම් 790 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් හ.

දකුණු නාවුක විධානය අම්බලන්තොට පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක් ව තණමල්විල ඌව කුඩාඔය ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමක දී දේශීය ගංජා ග්‍රෑම් 820 ක් සමඟ එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන, ඔහුගෙන් ලද තොරතුරු මත මීගස්වැව ප්‍රදේශයේ දී දේශීය ගංජා ග්‍රෑම් 850 ක ප්‍රමාණයක් සමඟ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගන්නා ලදී.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 36 ත් 53 ත් අතර වයසේ පසුවන ඉරුක්කුලම්පිඩ්ඩි, ඌව කුඩාඔය සහ මීගස්වැව යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, අදාල සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා පලෙයි, මන්නාරම සහ තණමල්විල යන පොලිස් ස්ථාන වෙත භාර දී තිබේ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/10/14/%e0%b6%b1%e0%b7%93%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b7%92%e0%b6%bb%e0%b7%9d%e0%b6%b0%e0%b7%93-%e0%b6%b8%e0%b6%ad%e0%b7%8a%e0%b6%af%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%80%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-06/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *