අභියාචනා යොමු කළ රැකියා විරහිත උපාධිධාරීන්ට සාධාරණය ඉටු කරන්නැයි උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය රජයෙන් ඉල්ලි සිටී.
එහිි කැඳවුම්කරු චන්දන සූරියාරච්චි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් වෙත ලිපියක් යොමු කරමින් අදාල ඉල්ලීම සිදු කර ඇත.
එම ලිපිය –
2020. 11. 05
ගරු රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය,
ජනක බණ්ඩාර තෙත්නකෝන් මැතිතුමා,
ලේකම්,
රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය,
නිදහස් චතුරස්‍රය,
කොළඹ 07.
ගරු අමාත්‍යතුමනි/ ලේකම්තුමනි,
අභියාචනා යොමුකළ රැකියා අහිමි සියළු උපාධිධාරීන්ට සාධාරණ විසඳුමක් ලබාදීමට පියවර ගන්නා මෙන් ඉල්ලා සිටිමු.
2019. 12. 31 දිනට උපාධිය වලංගු දින සහිත රැුකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීම සඳහා වන අයදුම්පත් භාරගත් උපාධිධාරීන්ගෙන් පිරිසකට මේ වනවිටත් රැකියා හිමි නොවූ බව පැහැදිලි කරුණකි.
රැකියා අහිමි වූ පිරිස අතර සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකත්වය තිබීම, රැකියා කිරීම, අවුරුදු 45 සීමාව, ග්‍රාම නිලධාරී නිර්දේශ අපැහැදිලි වීම, ලේඛන අසම්පූර්ණ වීම, පොරොත්තු හා දිස්ත්‍රික් දෙකකින් අයදුම්පත් යොමුකිරීම, විදේශ උපාධි ඇතුළු පිරිස් වෙති.
2020 මාර්තු 02 දින ලබාදුන් අභ්‍යාසලාභී පත්වීම් 2020. 08.16 දින අවලංගු කිරීමත් සමග අභ්‍යාසලාභී පත්වීම් අහිමි වූ පිරිස යළි බඳවාගැනීම සඳහා 2020. 08. 19 දින අමාත්‍ය මණ්ඩලයේදී 10000 ක ප්‍රමාණයක් නැවත අනුමත කරන ලදී.
2020. 08. 16 අභ්‍යාසලාභී පත්වීම් අවලංගු කිරීමේදී පත්වීම් අහිමි EPF/JOB හා JOB නිසා ප්‍රතික්ෂේප වූ ප්‍රමාණය 10000 ක්ම නොවන නිසා එම උක්ත හේතුව නිසා ප්‍රතික්ෂේප වූ උපාධිධාරීන් හා සෙසු හේතු මත ප්‍රතික්ෂේප වූ අභියාචනා යොමුකළ උපාධිධාරීන් සියළු දෙනාටම සාධාරණ විසඳුමක් ලබාදෙන මෙන් 2020. 09. 09 දින ගරු ඔබතුමා සමග පැවති සාකච්ඡුාවේදී අප කරුණු සහිතව ඉල්ලා සිටියෙමු. ඒ සියලූ දෙනාගේම අභියාචනා භාරගැනීම 2020. 09. 15 දිනෙන් අවසන් වූ අතර අභියාචනා යොමුකර දින 50 කට ආසන්න කාලයක් ගතවෙමින් පවතී.
2020. 08. 19 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත 10000 සංඛ්‍යාව හා 2020. 09. 02 දින අභ්‍යාසලාභී පත්වීම්ලාභීන්ගෙන් අදාළ කාලසීමාව තුළ පත්වීම් භාර නොගත් 6000 කට ආසන්න ප්‍රමාණය යන සංඛ්‍යා සියල්ල එක්කළ විට දැනට රැකියා අහිමි අභියාචනා යොමුකර ඇති සියළුම පිරිසට රැුකියා අවස්ථා ලබාදිය හැකි බවද යළි පෙන්වා දෙන්නෙමු.
ඉදිරි දින කීපය තුළදී රැකියා අහිමි අභියාචනා යොමු කළ පිරිස අතරින් කොටසකගේ නාමලේඛනයක් ප්‍රකාශට පත් කිරීමට නියමිත බව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතී.
ගරු අමාත්‍ය තුමනි, ලේකම්තුමනි,
ජනාධිපති ලේකම්වරු කීපදෙනෙකු ඇතුළු නිලධාරීන් දැනට ප්‍රතික්ෂේප වූ පිරිස් සඳහා රැකියා අවස්ථා හිමිවන බවට අදාළ පිරිස් වෙන වෙනම ජනාධිපති ලේකම් කාර්යාලය වෙත කරුණු දැක්වීමේදී එකඟතාවයන් ලබාදී ඇත.
ඒ සියළු එකඟතාවයන් හා සංඛ්‍යාත්මකව බැලූ විටත් දැනට රැකියා අහිමි සියළුදෙනා සඳහා අභියාචනා සලකා බලා රැකියා ලබාදීමට බාධාවක් නොමැති බව පෙන්වා දෙමු. එමෙන්ම පවතින #කෝවිඩ්-19 #Covid- 19 වෛරස් ව්‍යාප්තිය යටතේ ජනතාවට ඒකරාශී වීම, අදාළ ආයතන වෙත ගොස් කරුණු දැක්වීම වැනි කි‍්‍රයාදාමයන් සාමාන්‍ය තත්වයක් යටතේ සිදුකිරීමට නොහැකි මොහොතක කැළඹීම් සහගත තීරණයක් ප්‍රකාශයට පත්වුවහොත් එම තීරණය සාධාරණ නොවන බව අවධාරණය කරමු.
එවැනි බෙදීම් සහිත තීරණයක් වෙනුවට 2020. 09. 02 දින රැකියා ලබාදීමේදී රැකියා අහිමි වූ හා උක්ත හේතූන් මත ප්‍රතික්ෂේප කර ඇති සියළු උපාධිධාරීන්ට රැකියා අවස්ථා හිමිවන සාධාරණ විසඳුමක් ආණ්ඩුව ලෙස ඉදිරි දින කිහිපය තුළ ලබාදෙන මෙන් ඉතා වගකීමෙන් ඉල්ලා සිටිමු.
ස්තූතියි.
මෙයට,
චන්දන සූරියආරච්චි
කැඳවුම්කරු,
උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය.
පිටපත්:-
1. ජනාධිපති තුමා – (දැ.ගැ.පි.)
2. ගරු අග්‍රාමාත්‍යතුමා – (දැ.ගැ.පි.)
3. ලේකම් – මුදල් අමාත්‍යාංශය – (අ.ක.ස.)
4. ඒකාබද්ධ සේවා අධ්යක්ෂ ජනරාල් – (අ.ක.ස.)