විදුලිය නැති අයට විදුලිය

ප්‍රදේශීය

ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීම සඳහා වූ ජාතික වැඩසටහනේ යාපනය දිස්ත්‍රික් කමිටු රැස්වීම නොවැම්බර් 06 වැනි දා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණ.

ඊට ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂය නියෝජනය කරන යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහභාගි වූ හ.

කිලිනොච්චියේ හා යාපනයේ විදුලිය නොමැති නිවාස 7000 කට ආසන්න ප්‍රමාණයක් පවතින බවත්, එය විශාල ගැටළුවක් බවත් පැවසූ ඔවුන් කඩිනමින් විදුලිය ලබා දෙන ලෙස ඉල්ලා සිටින ලදී.

එහි දී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම දැනුවත් කර අදාල දිස්ත්‍රික් සඳහා කඩිනමින් විදුලිය ලබාදීමට අවශ්‍ය කටයුතු සලසා දෙන බවයි. ජාතීන් අතර විරසකබවක් ඇතිවීමට ඇති නැති පරතරය හේතු වන බවත්, ඒ සඳහා කඩිනමින් විසඳුම් ලබාදීමට සියළු පාර්ශ්වයන් දැනුවත් කරන බවත් ඔහු පැවසී ය.

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති එම අවස්ථාවට ඩග්ලස් දේවානන්ද, නිමල් ලංසා ඇතුළු ඇමතිවරුන්, යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හා යාපනය දිස්ත්‍රික් ආණ්ඩුකාර පි.එස්.එම්.චාල්ස්, මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ ඇතුළු විශාල පිරිසක් සහභාගි වූ හ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/11/06/%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%94%e0%b6%bd%e0%b7%92%e0%b6%ba-%e0%b6%b1%e0%b7%90%e0%b6%ad%e0%b7%92-%e0%b6%85%e0%b6%ba%e0%b6%a7-%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%94%e0%b6%bd%e0%b7%92%e0%b6%ba/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *