කොවිඩ් සහන දිගට ම..

කොරෝනා රටතොට

කොවිඩ් 19 වෛරස ව්‍යප්තිය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම අඛණ්ඩ ව ක්‍රියාත්මක බව රජය නිවේදනය කරයි.

ජනතා සහන වෙනුවෙන් 2020 මාර්තු 31 සිට නොවැම්බර් 13 දක්වා රුපියල් බිලියන 68.64 ක් වැය කර තිබේ.

අදාල කාලය තුළ රු.5000 සහන දීමනාව ලබා දුන් පවුල් ගණන මිලියන 12.7 ඉක්මවා ඇත.

කොවිඩ් 19 වෛරසයේ ව්‍යප්තිය හේතුවෙන් පීඩාවට පත් දිවයින පුරා ජනතාවට සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙල ඒ ඒ අමාත්‍යාංශ හා දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ.

මෙම ජනතා සහන ලබාදීම තුළ වැඩිම පිරිවැයක් දරන ලද කාර්යය වන්නේ ජීවනෝපාය අහිමි වූ පවුල් සඳහා රු.5000 සහන දීමනාව ලබාදීමයි.

එහි දී 2020 අප්‍රේල්, මැයි මාසවල පමණක් පවුල් 11,308,311 සඳහා සහන ලබා දී ඇත.

කොවිඩ් 19 දෙවන ව්‍යප්තිය හේතුවෙන් ඔක්තෝබර්, නොවැම්බර් මාසවලදී මෙම වැඩසටහන යටතේ පවුල් 1,409,578 කට සහන ලබා දී ඇති අතර ඒ අනුව රු.5000 සහන දීමනාව මෙතෙක් ලබා දුන් පවුල් ගණන 12,717,889 ක් වේ.

නිවෙස්ගත නිරෝධායනයට යොමු කිරීම හේතුවෙන් රු.10,000 ක අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීමේ වැඩසටහන මගින් සහන ලැබූ පවුල් ගණන 46,411 කි.

එමෙන්ම, මෙම වාතාවරණය තුළ ගොවි ජනතාවට සහන සැලසීමේ අරමුණින් ගොවි නිෂ්පාදන මිල දී ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන 126 ක් වැය කර තිබේ.

නිරෝධායන කටයුතු, සෞඛ්‍ය, යටිතල පහසුකම් හා ඖෂධ සැපයුම් සේවා සඳහා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ දරන ලද පිරිවැය රුපියල් මිලියන 4326 කි.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රදේශීය ලේකම් කාර්යාල මගින් මීට අදාල ව ජනතාවට සලසන ලද වෙනත් පහසුකම් සඳහා ද රුපියල් මිලියන 78 ක් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත වෙන් කර දී ඇත.

ඊට අමතර ඒ ඒ අමාත්‍යාංශ සඳහා 2020 වසරේ වෙන්කළ ප්‍රතිපාදනවලින් ද සැලකිය යුතු වියදමක් මෙම කොවිඩ් 19 වෛරස ව්‍යප්තිය හා සම්බන්ධ තත්ත්වයන් වෙනුවෙන් රජය වැය කර තිබේ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/11/15/%e0%b6%9a%e0%b7%9c%e0%b7%80%e0%b7%92%e0%b6%a9%e0%b7%8a-%e0%b7%83%e0%b7%84%e0%b6%b1-%e0%b6%af%e0%b7%92%e0%b6%9c%e0%b6%a7-%e0%b6%b8/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *