විපක්ෂ නායක ලේකම්වරයා

දේශපාලන

විපක්ෂ නායක ලේකම් ධුරයට නීතිඥ රවි ජයවර්ධන පත් කෙරේ.

ඔහු නොවම්බර් 18 වැනි දා සිය නව ධුරයේ වැඩ භාරගත්තේ ය.

කොළඹ විශ්වවිද්‍යාලයේ නීති උපාධිධාරියෙක් වන ඔහු එංගලන්තයේ ලැංකෂයර් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකි.

හෙතෙම කොළඹ ආනන්ද විදුහලේ ආදි ශිෂ්‍යයෙකු වන ඔහු අවස්‍ථා කිහිපයක දී විවිධ ආයතනවල සභාපතිධුර හොබවා තිබේ.

ජාතික රූපවාහිනියේ සභාපතිවරයා ලෙස කැපී පෙනෙන භූමිකාවක් ඉටු කළ ඔහු, මුල්‍ය හා පරිපාලනය දැඩි අර්බුදකාරී තත්ත්වයක තිබූ රූපවාහිනි සංස්ථාව ස්ථාවර තත්ත්වයකට ගෙන ඒමට සමත් විය.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/11/20/%e0%b7%80%e0%b7%92%e0%b6%b4%e0%b6%9a%e0%b7%8a%e0%b7%82-%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b6%9a-%e0%b6%bd%e0%b7%9a%e0%b6%9a%e0%b6%b8%e0%b7%8a%e0%b7%80%e0%b6%bb%e0%b6%ba%e0%b7%8f/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *