“13 වැනි පස් අවුරුදු සැලැස්ම” කාලය තුළ චීන කෘෂිකර්ම විද්‍යා ඇකඩමිය විසින් අභිජනනය කළ ප්‍රධාන නව බෝග වර්ග අඛණ්ඩ ව මතු වී ඇති බව චීන කෘෂිකර්ම විද්‍යා ඇකඩමියේ උප අධ්යක්ෂ ජනරාල්, චීන ඉංජිනේරු ඇකඩමියේ ශාස්ත්‍රඥ වැන් ජියැන්මින් සඳහන් කරයි.
කෘෂිකර්ම විද්‍යා තාක්ෂණය දියුණුවීමත් සමඟ චීනයේ යහපත් බෝග වර්ග අනුපාතය සමස්ත බෝග වර්ගයන්ට සාපේක්ෂ ව 96% ඉක්මවා ඇත.
ස්වෛරී ලෙස තෝරාගත් බෝග වගා භූමි ප්‍රමාණය සමස්ත වගා බිම්සරියෙන් 95% කට අධික වේ.
චීනයේ ප්‍රධාන ධාන්‍ය බෝග වගා වන සහල් සහ තිරිඟු අංග සම්පූර්ණ ස්වයංපෝෂිත බව හිමි කරගෙන ඇත.
යහපත් බෝග වර්ග මගින් ධාන්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීමට දායක වන අනුපාතය 45% ඉක්මවා තිබේ.
“14 වැනි පස් අවුරුදු සැලැස්ම” කාලය තුළ චීන කෘෂිකර්ම විද්‍යා ඇකඩමිය වැදගත් නව බෝග වර්ග අභිජනනය ශක්තිමත් කිරීමට සූදානම් බව හෙතෙම අනාවරණ කරයි.