මව්බිම කේවල් තීරුව ග්‍රන්ථයක් ලෙසින්

හිටපු ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය වසර කිහිපයකට පෙර ලියූ පුවත්පත් තීරු ලිපි එකතුවක් කෘතියක් ලෙස දොරට වඩී. එය මව්බිම කේවල් තීරුව නමින් දොරට වැඩීමේ උත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන් 12 වැනි දා පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්විණ. හේමන්තු වර්ණකුලසූරිය මහතාගේ ඡායාරූපයකට මල්දමක් පලඳවා උපහාර දැක්වීම ද ජනාධිපතිවරයා අතින් සිදුකෙරිණි. අනතුරුව පැවති උත්සව සභාවේ දී […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නව ශිෂ්‍ය නායක නායිකාවෝ

වලස්මුල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ නවක ශිෂ්‍ය නායක නායිකාවන්ට පදක්කම් පිරිනැමේ. “සිසුනයු අබිසෙස් 2018” යන තේමාව යටතේ උත්සවය වලස්මුල්ල අධ්‍යාපන අධ්‍යක්ෂ චන්න වීරසේකරගේ ප්‍රධානත්වයෙන් පාසල් ප්‍රධාන ශ්‍රවණගාරයේ දි ඉකුත් දා පැවැත්විණි. විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලය වෙනුවෙන් ලද අයදුම්පත් 240 ක් අතරින් ශිෂ්‍ය නායක නායිකාවන් 44 දෙනෙකු තෝරාගැනීමේ දී වසර පුරා ඔවුන්ගේ දක්ෂතා කෙරෙහි අවධානයක් යොමු කළ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

මහාත්මා ගාන්ධි සමරු මුද්දරයක්

මහත්මා ගාන්ධිතුමන්ගේ 150 වැනි ඡන්ම දිනය සැමරේ. ඒ නිමිත්තෙන් නිකුත් කළ සමරු මුද්දරය 02 වැනි දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත පිළිගැන්විණි. එම අවස්ථාවට තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සින් සන්ධු, ශ්‍රී ලංකාවේ ඉන්දිය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා ඇතුළු එම කාර්යාලයේ නිලධාරීන් එක් වූ හ.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

වෙසක් කප්රුක් පූජාවක්

වෙසක් පොහොය නිමිත්තෙන් කතරගම කිරිවෙහෙරේ කප්රුක් පූජාවක් පැවැත්විණි. ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලකගේ ප්‍රධානත්වයෙන් පැවති එය, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සංවිධාන කරන ලදී. ඉඩම් අමාත්‍යාංශ ලේකම් ඩබ්.එච්. කරුණාරත්න, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති සම්පත් සුභසිංහ ආරච්චි ඇතුළු නිලධාරීන්, සැදැහැවතුන් පිංකමට සහභාගි වූ හ.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

රාජ්‍ය නර්තන උළෙල

රාජ්‍ය නර්තන සම්මාන උළෙල 2018 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මැයි 04 වැනි දා පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි. උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් එය සංවිධාන කර තිබූ අතර, නර්තන කලාව වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ කලාකරුවන් ද ඇගයීමට ලක් කෙරිණි. ජීවිතයේ එක් වරක් පමණක් පිදුම් ලබන නර්තනතිලක […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

රාමඤ්ඤ අනුනායක හිමියෝ

රාමඤ්ඤ මහා නිකායේ අභිනව අනුනායක පූජ්‍ය මාතලේ ශ්‍රී ධම්මකුසල අනුනායක ස්වාමින් වහන්සේ වෙත ශ්‍රී සන්නස්පත්‍රය පිළිගැන් වේ. පුණ්‍යෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහභාගිත්වයෙන් 17 වැනි දා පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන ප්‍රේමසිරි නායක ස්වාමින් වහන්සේ, මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම අනුනායක ස්වාමින් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න