අපේක්ෂා

වන මල් පිපී බිඟු ගුම් නද ඇහෙන කල ගලා යන දොලේ දණ්ඩින් පනින කල නිල්වන් ගොයම් මඳ පවනේ ලෙලෙන කල හෙට දින හොඳයි අද අපලය ගෙවුන කල රාහුත් පරාදයි සඳ මෝදු ව දිස් වේ හෙනහුරු දුබල එක්තැන් වුනු සිත දිස් වේ සුරගුරු එළිය අවරින් බැලුවත් දිස් වේ තිමිර නසා ආලෝකය නැගෙයි ලොවේ ගෙල බැඳි ගොනු […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

යළි නැගිටිමු!

රාක්ෂ යක් නාග දේව මිනිසුන් වසන විටින් විට වැටී එනමුදු යළි යළි නැගිටින රටක අදිසි සතුරන් බල සේනා රැස් වෙන විටක කුස මුඛය පරදා සිහියෙන් ඉනු මැන! එකා මෙන් බැඳී නිරතුරු ඉදිරියට ම යමු ගතින් දුරස් වී සෙනෙහෙන් සිතින් බැඳී ඉමු නිල දරුවන් දෙන සේවය තව තව අගයමු උපන් අපේ පින්බිම තව ඉහළට ඔසවමු! තමන් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අවුරුදු නැති දා..

සිංහල අලුත් අවුරුද්ද එනතුරු අපි ඇඟිලි ගනිමින් බලා සිටියෙමු. පොල්තෙලේ බැදෙන කැවුම්,කොකිස්, අලුත් ඇඳුම්වල සුවඳ සහ සතුට, පංච, කවඩි,එළුවන් කෑම,කතුරු ඔංචිල්ලා වැනි අවුරුදු ක්‍රීඩා, අවුරුදු උත්සව ඒ කාලයට ම පමණක් උරුම වූයේ කෙතරම් අපූර්ව ලෙසින් ද? එහෙත් කාලයාගේ ඇවෑමෙන් ඒ සියල්ල වෙනස් විය. අවුරුදු චාරිත්‍ර රූපවාහිනී නාලිකාවලට සීමා විය. එහෙත් සාප්පු සවාරි යාමට සහ නිවාඩුව ගත […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

මියැදුනු හෘද සාක්ෂිය

ගහකොල, සතා සීපාවාගෙන් සුසැදි අරුමැසි පරිසරයක් වට කරගත් සරල ජීවිතයක් අප එකල අත්විඳ තිබේ. කාලයා විසින් අනේකවිධ අවශ්‍යතා මවා පා ඒ සරල බව හා සුන්දරත්වය ග්‍රහණය කරගත්තේ මිනිසාට තමා පවා අහිමි කරමිනි. ඒ ඛේදාන්තය වර්තමානයේ මුළු ලොව ගිල ගත් කොරෝනා ඛේදවාචකය දක්වා පැමිණ ඇත්තේ කෙතරම් සානුකම්පිත අන්දමින් ද? රෑන් රෑන් ඉගිලී යන මාල ගිරවුනේ කැලේ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

සිනමාකරුවන්ට සහන

සිනමාශාලා හිමියන්ට සහ දුෂ්කරතා ඇති සිනමා ශිල්පීන්ට සහන සැලසීමට ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව තීරණය කරයි. ඒ යටතේ රිත්මා ප්‍රදර්ශන මණ්ඩලයට අයත්, සංස්ථාව සමග නිරන්තර කටයුතු කරන සිනමාශාලා සඳහා මාස 03 ක කාලයක් වෙනුවෙන් රු. 100,000 ක මුදලක් ලබාදීමට කටයුතු කෙරේ. අදාල කාලය තුළ සේවක මණ්ඩල වැටුප් හා නඩත්තු වෙනුවෙන් රු. 50,000 ක් ද, ඉතිරිය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

සොබාදමේ වැළපුම

අහෝ මා නෙත් දකින දැකුමන් පෙමින් ඉපදුනු දූ පුතුන් උස් මහත් වී හිස් මහත් වී කිමැ වැදූ මව පෙළන්නේ සොබාදම් මව නසන්නේ? නෙතට රසඳුන් කුසට අහර ද සිසිල් පැන් උල්පත් මවා දී සිහිල් පවනින් විඩා නිවමින් සියලු දේ මිහිමත ලබා දී මදි ද දුන් සුව දරුවනේ // කුහක වී මෝහය වැඩී ලෝබයෙන් හිස් හිස් පිරී […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

සහස්‍රය, බෙග් මාස්ටර් සමරා මුද්දර 02 ක්

සහශ්‍රය සිහිකිරීම හා කලාකරු අල්හාජ් මොහිදින් බෙග් අනුස්මරණය වෙනුවෙන් විශේෂ සමරු මුද්දර 2 ක් නිකුත් කෙරේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 20 වැැනි දා කොළඹ තැපැල් මූලස්ථානයේ දී එය සිදු කෙරිණි. සහශ්‍ර සමරු මුද්දරය අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගන්වන ලද්දේ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසිනි. අල්හාජ් මොහිදින් බෙග් වෙනුවෙන් නිකුත් කළ සමරු මුද්දරය ඔහුගේ ඥාතීන් වෙත පිළිගැන්වීම […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

රන්මිහිතැන්න සභාපතිධුරයට රවීන්ද්‍ර

ප්‍රවීන රංගන ශිල්පී රවීන්ද්‍ර රණ්දෙණිය,  රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානයේ සභාපති තනතුරට පත් කෙරේ. ඔහු රන්මිණිතැන්න, මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානයේ සභාපති ලෙස අදාල පත්කිරීම 06 වැනි දා උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන හා තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් සිදු කරන ලදී.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ගොවි කඳුළු කියන්න ගොවි තාත්තා

මෙරට ගොවි ජනතාවගේ සැබෑ ජීවන අරගලය ඇසුරෙන් චිත්‍රපටයක් නිපද වේ. රසායනික පොහොර භාවිත නූතන කෘෂිකාර්මික යුගයේ දේශීය ගොවියා හමුවට එන ඛේදවාචක ඇසුරෙන්, ලොව ප්‍රථම ආසියාතික ගොවි සිනමා සිත්තම ලෙස නිපදවෙන එය,ගොවි තාත්තා ලෙස නම් කර ඇත. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ උණගලාවෙහෙර ගම්මානයේ දිවිගෙවූ ප්‍රේමරත්න දිසානායක ගොවි මහතාගේ ජීවන පුවත ඇසුරෙන් ඔහුගේ දෙටු පුත් සංගීතඥ දර්ශන රුවන් දිසානායක එය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ඔබ,සපුමල් සුවඳක් ම ය!!

..වස්දඬුරාවේ.. වස්දඬුරාවේ.. ඈතින් එන මේ වස්දඬුරාවේ… ඇය අඩවන් වූ දෑසින් දැහැනට සම වැදී,තාම්පුරාවට නළල සමීප කරවාගෙන ගයන්නී ය. උත්තර භාරතීය ගායන ශිල්පිනියකගේ සොබාව සිහි ගන්වමින්,ඉන්දියානු කපු සාරියකින් සැරසී සිටින ඇය නළලේ තිලකයක් දිදුලයි. රාගධාරී සංගීතය හා මුසු වූ සරල ගීය නිමවන ඇය පියකරු සිනහවකින් මුව සරසාගෙන තාම්පුරාව පසෙක තබයි. අමරා කස්තුරිආරච්චි නමැති ළදැරිය 11 දෙනෙකුගෙන් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න