මැතිවරණ ප්‍රචාරයට ජනපති සේයා රූ එපා!

එළඹෙන මහමැතිවරණයට තරග වැද සිටින අපේක්ෂකයන්ගේ ප්‍රචාරක කාර්යයන් සඳහා ස්වකීය ඡායාරූප භාවිත නොකරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝග කරයි. එසේම ආරක්ෂක සේවා, රාජ්‍ය සේවා, සංස්ථා, මණ්ඩල සහ ව්‍යවස්ථාපිත ආයතනවල සේවයේ නිරත රාජ්‍ය සේවකයන් කිසිවකුත් දේශපාලන කටයුතුවල නිරත නොවිය යුතු බව ඔහු අවධාරණය කර ඇත. මෙවර මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයන් සිය ප්‍රචාරක ව්‍යාපාරයේ දී ජනාධිපතිවරයාගේ ඡායාරූපය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

බොරුවට එරෙහිවත් බොරුවමයි!

රාජපක්ෂ කණ්ඩායම ජනාධිපතිවරණයේ දී කියූ බොරු අමතක කර අලුත් බොරු වේදිකාවට රැගෙන එතැයි ජාතික ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්‍ෂක සුනිල් හඳුන්නෙත්ති කියයි. එවන් බොරුවලට නොරැවටෙන්නැයි මාතර පැවති මාධ්‍ය හමුවක් අමතමින් ජුනි 30 වැනි දා හෙතෙම පැවසී ය. ඔහු ඉදිරිපත් කළ අදහස් තවදුරටත්… ජනාධිපතිවරණයේදී රාජපක්‍ෂ කණ්ඩායම පාවිච්චි කළ බොරු මේ මහ මැතිවරණයේ දී අතේ පත්තු වෙමින් තිබෙනවා. […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ජනතාවට අවශ්‍ය මිලිටරිකරණය නෙවෙයි.

ජනාධිපති කාර්යයසාධක බලකා මගින් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය මඟහැර යාමේ අනතුරක් වෙතැයි ජාතික ජන බලවේගය අනතුරු අඟවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෑත දී පත්කළ ජනාධිපති කාර්යය සාධක බලකා සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය නිවේදනයක් නිකුත් කරමින් සිය බලවත් කණස්සල්ල පළ කර සිටී. කාර්යය සාධක බලකායක් පත්කිරීමට ජනාධිපතිවරයෙකුට හැකියාව වෙතත් මෙතෙක් එවැනි බලකා පත්කිරීම් කර ඇත්තේ විශේෂිත ගැටළු සඳහා බව […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ඇයි මට සහාය නොදෙන්නේ?

වැටුණු ආර්ථිකය ගොඩනැගීමේ වගකීම පැහැර හැරීමෙන් වළකින ලෙසත්, ඒ සඳහා නිවැරදි උපාය මාර්ගය තමා වෙත දන්වන ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහා බැංකු ප්‍රධානීන්ගෙන් ඉල්ලයි. “රට ගොදුරු වී ඇති සෞඛ්‍ය අර්බුදය ආර්ථික අර්බුදයක් බවට පත්වීමට ඉඩ දෙන්න බැහැ. අප මුහුණ පා ඇත්තේ ගෝලීය අර්බුදයකට. වැටුණු ආර්ථිකය ගොඩගැනීමට ඉවහල් වන මුල්‍ය සහ ෆිස්කල් ප්‍රතිපත්ති සම්පාදනයේ වගකීම ඇත්තේ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ජපානයෙන් රතු එළියක්

ලංකාවේ ණයගැතිබව, සංවර්ධන ව්‍යාපෘතිවල දූෂිතබව හා ලංකා රජයේ මුල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ නිශ්චිත පැහැදිළි කිරීමක් නොමැතිනම්, ජපාන රජය විසින් මෙරට ක්‍රියාත්මක සහ ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ නැවත සලකා බැලීමක් සිදුකරන බවට JICA ආයතනය විසින් ලක් රජයට අනතුරු ඇඟවීමක් කර ඇතැයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි. ලෝකයේ ප්‍රධාන ණය ආධාරකරුවෙක් හා අවුරුදු 70 ක් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කෝ හදන්න ආපු විනය?

ආණ්ඩුව බලයට පත් ව මාස හයකින් මෙරට නීතියේ ආධිපත්‍යය බිඳවැටී ඇතැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්‍ෂක, නීතිඥ සුනිල් වටගල කියයි. ජාතික ජන බලවේගයේ නීතිඥයෝ මැයෙන් ජුනි 14 වැනි දා බත්තරමුල්ල අවකාශ මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුව අමතමින් ඔහු ඒ බව පැවසී ය. මාධ්‍ය හමුවේ පළ වූ අදහස් – වර්තමාන ආණ්ඩුව බලයට පත්වෙලා මාස හයක් ඉක්මවා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

රාජ්‍ය අමාත්‍ය කාර්යාලයක් මැතිවරණ කටයුතු සඳහා

රාජ්‍ය දේපළ අවභාවිත කිරීමක් පිළිබඳ කැෆේ සංවිධානය පැමිණිලි කරයි. පොදුජන එක්සත් පෙරමුණ යටතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයට තරග කරන හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍යවරයා ව සිටි සමයේ භාවිත කළ රාජ්‍ය අමාත්‍ය කාර්යාලය මේ වනවිට පොදුජන පෙරමුණේ පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලය ලෙස පවත්වාගෙන යන බව සංවිධානය පෙන්වා දේ. රාජ්‍ය ලාංඡනය ද සහිතව මේ පිළිබඳෙ වන පුවරුවක් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

පුද්ගලික වෙද විදුහල් එපා!

නිදහස් අධ්‍යාපනයත්, නිදහස් සෞඛ්‍යයත් බිළිගන්නා වෛද්‍ය උපාධි ආයතන අනවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි. ජුනි 08 වැනි දා විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පක්ෂය ඒ බව පෙන්වා දේ. අදාල නිවේදනය – 1977 විවෘත ආරථිකය මෙරටට හඳුන්වාදීමෙන් පසු බලයට පැමිණි සෑම ආණ්ඩුවක්ම පාහේ රටේ සම්පත්, රජය සතු සම්පත් පමණක් නොව ජනතාවගේ අයිතියක් වූ අධ්‍යාපනය සහ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

මහ මැතිවරණයේ දී දේශපාලන වැඩ එපා!

රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවලට තම රජය පත් කළ ප්‍රධානීන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික කිසිවෙකු එළැඹෙන මහ මැතිවරණයේදී කවර පක්ෂයක් වෙනුවෙන් හෝ දේශපාලන කාර්යයන්හි නිරත නොවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරයි. යම් රාජ්‍ය ආයතනයක ප්‍රධානියකුට, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකුට හෝ වෙනත් නිලධාරියකුට හෝ යම් පක්ෂයක් වෙනුවෙන් දේශපාලනයෙහි නිරතවීමට අවශ්‍ය නම් නීත්‍යනුකූලව […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ලෙබනනයෙන් නොමිලේ පීසීආර් පරීක්ෂණ

මව්බිම කරා එන ශ්‍රී ලාංකිකයන්ගේ PCR පරීක්ෂණ ගාස්තු අය කිරීමකින් තොර ව එරට දී ම සිදුකිරීමට ලෙබනන් රජය තීරණය කරයි. යළි මව්බිමට පැමිණීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති හෙයින් ලෙබනනය ප්‍රදානය කළ සහනය මත විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ඉතිරි කරගත හැකි වන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කර ඇත. කොවිඩ් 19 ව්‍යප්තිය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න