නාඳුනන මළ සිරුරක්

බුන්දල, මෝදර වෙරළ තීරයේ තිබී නාඳුනන මෘත දේහයක් සොයා ගැනේ. නාවුක හමුදාව ජුනි 05 වැනි දා එය සොයාගැනීමට සමත් විය. දකුණු නාවුක විධානයට අනුයුක්ත නාවුක පිරිසක් හම්බන්තොට බුන්දල ප්‍රදේශයේ සිට මලළමෝදර ප්‍රදේශ‍ය දක්වා වෙරළ තීරයේ සිදු කළ මුර සංචාරයක් අතර වෙරළට ගොඩ ගසා තිබූ මෘත දේහය සොයාගෙන ඒ සම්බන්ධයෙන් හම්බන්තොට පොලීසියට දැනුම් දී තිබේ. එම […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කොළඹ ඩෙංගු මර්දන මෙහෙයුමක්

කොළඹ මහ නගර සභා සීමාවේ දින 04 ක ඩෙංගු මර්දන මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරේ. ජුනි 04, 05, 06 සහ 07 යන දිනවල එය ක්‍රියාත්මක කෙරෙන බව නගර සභාව දන්වා සිටී. එක් එක් ප්‍රදේශ ආවරණය කරමින් සියලු පරිශ්‍ර පරීක්ෂාවට නියමිත අතර, ස්ථානීය පරීක්ෂණ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු, පොලිස් නිලධාරියෙකු හා කසල කළමනාකරණ අංශයේ නිලධාරියෙකු බැගින් සහභාගී වීමට […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කළු ගඟ ආශ්‍රිත ගංවතුර අවදානමක්

කළු ගඟ ආශ්‍රිත ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් වෙතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කළු ගඟ ද්‍රෝණියේ කුඩා ගඟ ද්‍රෝණිය අසල මිල්ලකන්ද මිනුම් මධ්‍යස්ථානය අසල මැයි 27 වැනි දා රාත්‍රී 07.00 වනවිට පැවති ජල මට්ටම මීටර් 6.25 ක් බව වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එස්. පී. සී. සුගීෂ්වර පෙන්වා දේ. එහි සුළු ගංවතුර මට්ටම මීටර් 6.5 කි. ද්‍රෝණියේ ධාරා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

දියේ ගිලුණු දෙදෙනෙක්..

දියට පැන සිය දිවි නසාගැනීමට තැත් කළ තරුණියක බේරාගැනීමට තලවාකැලේ පොලිස්ථානාධිපතිවරයා සමත් වේ. තරුණිය 21 වැනි දා පෙරවරුවේ ඉහළ කොත්මලේ ජලාශයට පැන සියදිවි නසාගැන්මට වෙර දරා ඇත. වයස අවුරුදු 22 ක් පමණ වූ ඇය බේරාගැනීමට දියට බට 32 හැවිරිදි තරුණයෙකු දියේ ගිලී මියගොස් ඇතැයි පොලීසිය කියයි. මේ අතර එහි පැමිණි තලවාකැලේ පොලිස්ථානාධිපතිවරයා තවත් අයෙකුගේ සහායෙන් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කොළඹ වාහන නැවැත්වීමේ ගාස්තු

කොළඹ නගරයේ වීදි අසල නවතා තැබෙන වාහන සඳහා ගාස්තු අයකිරීම යළි ඇරඹේ. කොවිඩ් 19 වෛරස ව්‍යප්තිය හේතුවෙන් අදාල ගාස්තු අයකිරීම තාවකාලික ව අත්හිටුවා තිබිණ. කොළඹ මහ නගරසභාවේ නාගරික කොමසාරිස් නීතිඥ රෝෂනී දිසානායක නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අදාල ගාස්තු මැයි 21 වැනි දා සිට යළි අයකෙරෙන බවයි. එසේ වාහන නවතාතැබීම සඳහා අය කෙරෙන ගාස්තු – මෝටර්කාර් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

පුපුරන ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී ධීවර කටයුතු සඳහා යොදා ගන්නා පුපුරන ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු නාවුක හමුදා භාරයට පත් වේ. නාවුක හමුදාව මැයි 03 වැනි දා යාපනය, අලියවලයි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමක දී අත්අඩංගුවට ගැනීම සිදු විය. පුපුරන ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලීමෙන් සාගර පරිසර පද්ධතිය දැඩි ව විනාශයට පත්වන අතර, එය වැළැක්වීම වෙනුවෙන් නාවුක හමුදාව නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නීතිවිරෝධී ධීවරයින් පිරිසක්

නීතිවිරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතුවල නිරත පිරිසක් අත්අඩංගුවට ගැනේ. මුන්දම්පිඩ්ඩි, පෙරියආරු ප්‍රදේශයට ඔබ්බෙන් වන මුහුදු තීරයේ සිදු කළ සෝදිසි මෙහෙයුමක දී එසේ ධීවර කටයුතුවල නිරත පුද්ගලයින් 06 දෙනෙක් සහ ධීවර යාත්‍රා 02 ක් නාවුක හමුදා භාරයට ගැනිණ. සැකකරුවන් සමග තහනම් දැල් 02 ක් , ධීවර යාත්‍රා (වල්ලම්) 02 ක් සහ එම යාත්‍රා සඳහා භාවිත කළ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

හෙරොයින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

ගාල්ල, තලාපිටියේ දී හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනේ. නාවුක හමුදාව සහ ගාල්ල, දිසා දූෂණ මර්ධන ඒකකය එක් ව මැයි 02 වැනි දා ඔහු අත්අඩංගුවට ගෙන ඇත. දකුණු නාවුක විධානයේ නාවුක පිරිසක් සැක කටයුතු පුද්ගලයෙකු නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කිරීමේ දී ඔහු සතු හෙරොයින් මිලිග්‍රෑම් 1760 ක පමණ සොයාගෙන තිබේ. අත්අඩංගුවට පත් සැකකරු එම ප්‍රදේශයේ ම […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

චතුරගෙන් ප්‍රජා සේවාවක්

කොරෝනාවෙන් අසරණ වූ දෙවිනුවර ජනතාවට දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී චතුර ගලප්පත්ති සහනාධාර පිරිනමයි. එදිනෙදා රැකියා මගින් දිවි සරිකරගන්නා ජනතාව බොහොමයක් මාසයක පමණ කාලයක තිස්සේ දැඩි අපහසුතාවන්ට පත් ව සිටින අතර, රජය විසින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා රුපියල් 5000 ක දීමනාවක් ලබාදීමට ක්‍රියාකරමින් තිබුණ ද එය ද ප්‍රදේශ රැසක දේශපාලනීකරණයව ඇති බවට චෝදනා පවතී. එවන් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

මත්කුඩු සමග 04 ක් අත්අඩංගුවට

නාවුක හමුදාව සහ පොලිසියේ ඒකාබද්ධ මෙහෙයුමකින් කේරළ ගංජා සහ හෙරොයින් සමඟ 04 දෙනෙක් අත්අඩංගුවට ගැනෙති. අප්‍රේල් 19 වැනි දා තලෙයිමන්නාරම ජැටියේ සිදු කළ සෝදිසි මෙහෙයුමක දී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ. උතුරු මැද නාවුක විධානයට අනුයුක්ත නාවුක පුද්ගලයින් පිරිසක් තලෙයිමන්නාරම පොලිසිය හා එක් ව තලෙයිමන්නාරම ජැටියේ තිබූ සැක සහිත ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කිරීමේ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න