සාමය ස්ථාපිතයි!

රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර විසින් මැයි 17 වැනි දා කොළඹ ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රයේ දී කළ ප්‍රකාශය මේ වනවිට දිවයිනේ සෑම ප්‍රදේශයකට සාමය ස්ථාපිත වෙලා තියෙනවා. ඒ සඳහා සහය දැක්වූ සැමට ස්තූති කරන්න මෙයඅවස්ථාවක් කර ගන්නවා. ඒ වගේම සාමයට බාධා කරන, නීතිවිරෝධි ක්‍රියා කරන පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩි පරීක්ෂාවෙන් ඉන්නවා. […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ත්‍රස්ත සැකකරුවන් 85 ක් අත්අඩංගුවේ

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර, කොළඹ ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රයේ දී දව‍සේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ තොරතුරු ප්‍රකාශ කරමින්.. වයඹ පළාතේ කුරුණෑගල, හලාවත, කුලියාපිටිය ප්‍රදේශවල ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට සම්බන්ධ වූ සැකකරුවන් 78 ක් බන්ධනාගාරගත කර තිබෙනවා. ඔවුන්ගේ රැකියා ස්ථානවලට ද අදාල විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා තොරතුරු ලබා දී තිබෙනවා. පවතින වීඩියෝ දර්ශන ආදිය උපකාරී කර […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

සමාජ ජාලා විමර්ශනයට විශේෂ ඒකකයක්

රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ මැයි මස 14 වැනි දා පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර කොළඹ ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රයේ දී ඉදිරිපත් කළ වාර්තාව – ඉතා පටු අරමුණු කිහිපයක් වෙනුවෙන් ක්‍රියා කරන සුළු අවස්ථාවාදී පිරිසක් නිසා ඔවුන් විසින් කරන ලද ක්‍රියා ප්‍රචණ්ඩ ක්‍රියා බවට පත්වුණා. විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි මෙම ක්‍රියාවන් ජාතීන් අතර හෝ ආගම් අතර […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

පොලිස් ඇඳිරි නීතිය නැවතත්

දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය මැයි 14 වැනි දාත් ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය පවසයි. වයඹ පළාත සඳහා එය එදින පස්වරු 06.00 සිට පෙරවරු 06.00 දක්වා බල පැවැත් වේ. ගම්පහ පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් වසම් සඳහා 14 වැනි දා පස්වරු 07.00 සිට පෙරවරු 06.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනු ඇත. දිවයිනේ සෙසු සියලු ප්‍රදේශ සඳහා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

මේ රූපයට සමාන අයෙක් දන්නේ ද?

ඉකුත් පාස්කු දින සිදු වූ බෝම්බ ප්‍රහාරයන්ට සම්බන්ධ තවත් පුද්ගලයෙකු පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියයි. සැකකරු පිළිබඳ විස්තර – අප්‍රේල් 21 වැනි දා කොච්චිකඩේ බෝම්බ ප්‍රහාරයට පැමිණි බෝම්බකරු එහි පැමිණි අංක WP PJ 4080 වෑන් රථයේ ලියාපදිංචි අයිතිකරු වූයේ කිංග්ස්බරි හෝටලයේ බෝම්බ පිපිරවූ බෝම්බකරු වූ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

මුළු දිවයිනට ම පොලිස් ඇඳිරි නීතිය

වහා ම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙනතුරු වයඹ පළාතට පොලිස් ඇඳිරි නීතිය පැනවේ. ගම්පහ පොලිස් කොට්ඨාසයට මැයි 14 වැනි දා පෙරවරු 06.00 දක්වා එය බල පැවැත්වෙන බව පොලිස් මූලස්ථානය කියයි. ඒ අනුව ගම්පහ, මිනුවන්ගොඩ, දොම්පේ, ගණේමුල්ල, කිරිඳිවැල, මල්වතුහිරිපිටිය, මීරිගම, නිට්ටඹුව, පූගොඩ, වේයන්ගොඩ, වීරඟුල, වැලිවේරිය, පල්ලේවෙල සහ යක්කල යන ප්‍රදේශවලට අදාල තත්ත්වය බල පැවැත් වේ. ඊට […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අසත්‍ය ප්‍රචාරයන්ට දැඩි දඬුවම්

ඉකුත් පැය 24 තුළ රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර 2019.05.13 දා මාධ්‍ය වෙත දැක්වූ අදහස් – කුලියාපිටිය හෙට්ටිපොළ මාර්ගයේ වෙළෙඳසැල් 03 කට පහරදීමේ සිද්ධියක් ඊයේ සවස වාර්තා වුනා . එම සිද්ධිය පාලනය කිරීම සඳහා ඊයේ රාත්‍රි එම ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළා. අදත් කුලියාපිටිය ආශ්‍රිත ප්‍රදේශයේ වෙළඳසැල් කීපයකට ගල් ප්‍රහාර […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කුරුණෑගලට පොලිස් ඇදිරි නීතිය

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොලිස් වසම් කිහිපයක නොසන්සුන්කාරී තත්ත්වයක් වාර්තා වේ. එය පාලනය පිණිස වසම් 06 කට වහා ම ක්‍රියාත්මක වන පරිදි13 වැනි දා පස්වරු 03.00 සිට පොලිස් ඇඳිරි නීතිය පැනවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. අදාල වසම් වන්නේ කුලියාපිටිය, බිංගිරිය, හෙට්ටිපොල, දුම්මලසූරිය, රස්නායකපුර සහ කොබෙයිගනේ ය. පොලිස් ඇඳිරි නීතිය 14 වැනි දා අළුයම 04.00 දක්වා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

සාවද්‍ය තොරතුරු රැසක්

රටේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මැයි මස 12 වැනි දා ඉදිරිපත් කළ තොරතුරු – ෆේස්බුක් සමාජ මාධ්‍යය තුළ දෙදෙනෙක් බහින්බස් වීමක් සිදු ව තිබේ. එහි දී එක් අයෙක් මුදා හැරි ප්‍රකාශයක් මත එම පුද්ගලයාට අයත් හලාවත නගරයේ පිහිටි වෙළදසැලට ජනතාව එක් රැස් වීම නිසා නොසන්සුන්තාවක් හටගත්තා.එම නිසා හලාවත […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

පුපුරන ද්‍රව්‍ය බාරදීමට කාලයක්

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර විසින් 2019 මැයි 11 වැනි දා කොළඹ ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රයේ දී නිකුත් කළ දවසේ ත්‍රස්ත මර්ධන මෙහෙයුම් වාර්තාව – අද වත්තල හුණුපිටිය මාර්ගයේ නාවුක හමුදා මාර්ග බාධක 03 ක් යොදා ලැබුණු තොරතුරක් මත සැක කටයුතු වාහනයක් පිළිබඳ නාවුක හමුදාව පරීක්ෂා කරමින් සිටිය දී අළුයම 1.30 ට පමණ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න