" ගූගල් මැප්" සතුරාටත් මග කියයි ද?

මේ දිනවල මුහුණු පොත පුරා අපේ හිතවතුන් හිතවතියන් ගූගල් ආයතනය විසින් නිර්මාණය කරනු ලැබූ තාක්ෂණික මෘදුකාංගයක් වන "ගුගල් සිතියම" ඇසුරෙන් සකසා ඇති වැඩසටහන සීමාවෙන් ඔබ්බට ගොස් පරිහරණය කරන ආකාරය දැක ගත හැකිය.

ඔබට මෙම කරුණු කිහිපය සිහි ගන්වන්නේ යම් අනතුරක් අප විසින් අප වෙතම කැඳවා නොගැනීමට වගබලා ගනිතැයි යන අදිටනිනි.

අද ඔබ ඡීවත් වන සමාඡය මුදල් පසු පස හඹා යන මුදල් වෙනුවෙන් ඕනෑ ම දෙයක් කිරීමට පෙලඹෙන තත්වයක පවතින හෙයින් යම් අවදානමකට ඔබ කරනා දෙය පත් විය හැක. මෙම "ගුගල් මැප්" සටහන තුළ ඔබගේ නිවස සටහන් ව තිබේනම් එය ඡායාරූපයක් ලෙස  face book හරහා සමාජයට ගෙන යාමෙන් වළකින්න. හේතුව ඔබගේ මුහුණු පොතේ කී දෙනක් නම් ඔබ නොදන්නා අය සිටිත් ද? ඒ අයට ඔබගේ පුද්ගලික තොරතුරු ඉදිරිපත් කර දීමෙන් ඔබට පමණක් නොව බිරියට,ස්වාමියාට, කිසිවක් නොදත් දරුවන්ට පවා හානියක් විය හැකි බව කිව මනා ය.

මෙම ලිපියෙන් අනවශ්‍ය ලෙස ඇති විය හැකි විපත් පිළිබඳ එකින් එක අවධාණය නොකරන්නේ එවන් වැරදි කිරීමට මාන බලන ම්ලේච්ඡයින් වෙනුවෙන් උඩගෙඩි දීමක් එයින් වේ යැයි සිතෙන බැව්නි.

"ගූගල් "ආයතනය මෙම මෘදුකාංගය සකස් කර සටහන් ලබා ගැනීමේ දී යම් පුද්ගලිකත්වයක් ආරක්ෂා කරනු ලබයි. උදාහරණයක් ලෙස මාර්ගයේ ගමන් කරන මිනිසුන්ගේ මුහුණු කාගේදැයි සොයා ගැනීමට නොහැකි වන ලෙස බොඳ කර දමයි. මාර්ගයේ ගමන් කරන වාහනවල අංක තහඩු නොපෙනෙන ලෙස බොඳ කර දමයි. ඔවුන් ආයතන වශයෙන් අපගේ ,සමාඡයේ පුද්ගලිකත්වය, මෙසේ ආරක්ෂා කරන කළ අප විසින් ඒවා නිරාවරණ කරගැනීම "පාරේ යන නයි අත වනා ගෙට දමා ගැනීමක්" වැනියැයි සිතන්න.....

මුහුණු පොතේ ඔබගේ නිවසේ අංකය සමග ඔබගේ ලිපිනය සටහන් කරන්න කියා තිබුණොත් ඔබ දෙවරක් සිතනවා නේද? එහෙනම් ඔබ ,මේ ඉන්නේ මම , මේ මගේ වාහනේ, මෙන්න යාළුවනේ මගේ ගේත් මේකෙ සටහන් වෙලා කියලා... මේ ඔක්කොම ඡායාරූප ලෙස මුහුණු පොතට එක් කර මොහොතක දී ලබන සතුට යම් දිනක ඔබ,ඔබ පවුලේ සියලු දෙනාට හිරිහැරයක්,කරදරයක් , විනාසයක් ලෙස ලැබීමට ඉඩක් ඇත.

හිතන්න... තාක්ෂණය - මිනිසාගේ දියුණුව සේ ම විනාශයත් එක ලෙස ම එකට ඇති දෙයක් බව...!

 

ඔබට ඡය!!

 

ශමින්ද තනෝජ් ඉතාලියේ සිට

 

 

වැඩිදුර තොරතුරු යවන්න

ඔබේ අදහස දක්වන්න