අතුරුදන් තරුණයා මෙන්න

හම්බන්තොට ප්‍රදේශයේ දී අතුරුදන් විණැයි සඳහන් වූ තරුණයා සොයා ගැනේ.

ඔහු 15 වැනි දා පොලිස් භාරයට පත් වූ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියයි.

පොලීසිය විසින් සිය පැමිණිලි පොතෙහි සාවද්‍ය ලෙස තැබූ වාර්තා සහ අනතුරුව අදාල පුද්ගලයා අතුරුදන්වීම පිළිබඳ මහත් ආන්දෝලනයක් ඇති වී තිබිණ.

කොළඹ පොලිස් මූලස්ථානයේ 15 වැනි දා පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක දී නියෝජ්‍ය පොලිස්පතිවරයා එඒ බව ප්‍ර‍කාශ කරන ලදී.

මේ අතර සිද්ධියට අදාල ව ස්ථාන මාරුවීම් ලබාදුන් පොලිස් නිලධාරීන් 04 දෙනෙකු 15 වැනි දා වැඩ තහනමට ලක් කර තිබේ.

පොලිස්පතිවරයාගේ උපදෙස් මත තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් එය ක්‍රියාත්මක කළ බව පොලිස් මූලස්ථානය පවසයි.

ඔවුන් අතර,අදාල අතුරුදන් විණැයි සඳහන් පුද්ගලයා අත්අඩංගුවට ගත්තේයැයි කියන සැරයන්වරුන් 02 දෙනෙක්,එදින හම්බන්තොට පොලිස්ථානයේ රාජකාරි භාර ව සිටි සැරයන්වරයා සහ උපසේවක රාජකාරි ආවරණය කළ කොස්තාපල්වරයා වෙති.

ඡායාරූප - https://www.facebook.com/lakdana/posts/972957132833650

වැරදි කළානම් දඬුවම් දෙනවාමයි - නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ
ලක්ෂිණී බෝපගේ
වැඩිදුර තොරතුරු යවන්න

ඔබේ අදහස දක්වන්න