අමූලික බොරු

ඩයස්පෝරා උළෙල යනු තමාගේ ම අදහසක් පමණක් බව විදේශ අමාත්‍ය මංගල සමරවීර කියයි.

ලොව පුරා නොයෙකුත් ක්ෂේත්‍රයන් හි අති ප්‍රවීණ,දක්ෂතම ලාංකිකයින් වෙතැයි ඇමතිවරයා පැවසී ය.

ඔවුන් සියල්ලන් මෙරට සංවර්ධනයට දායක කරගත යුතු බව 22 වැනි දා ඩයස්පෝරා උළෙල පිළිබඳ ජනමාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පෙන්වා දේ.

ඔවුන් යළි මව්බිමට කැඳවා එම කුසලතා දේශීය තරුණ පරපුර සමග බෙදා ගනිමින් රටේ ඉදිරි ගමනට ඔවුන් කොටස්කරුවන් කරගැන්ම වරදක්දැයි හෙතෙම ප්‍රශ්න කරයි.

එහෙත් නිදහස ලැබූ දා පටන් රටේ පවත්නා අන්තවාදය එවැනි යහ කටයුතුවලට බාධා පමුණුවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

ඩයස්පෝරා උළෙල පිළිබඳ මෙරට දේශපාලන පක්ෂ නියෝජිතයෙකු දැක් වූ අදහස් සහිත මාධ්‍ය වාර්තා හෙතෙම තරයේ ප්‍රතික්ෂේප කරයි.

ඔහුගේ අදහස් සහිත වීඩියෝව -

ඩයස්පෝරා උළෙල පිළිබඳ විදේශ අමාත්‍යවරයාගේ විග්‍රහය
ආර්යනා විජේතිලක
වැඩිදුර තොරතුරු යවන්න

ඔබේ අදහස දක්වන්න