අසල්වැසියන්ට ආධාර

නේපාලයේ භූමිකම්පාවෙන් විපතට වූවන්ට සහන සැලසීමට රජය පියවර ගනී.

ඒ අනුව වෛද්‍යවරුන් 04 දෙනෙකු ඇතුළු හදිසි ප්‍රතිකාර කණ්ඩායමක් රැගත් ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් 26 වැනි දා අළුයම 02.00 ට නේපාලය බලා පිටත් විය.

එම වෛද්‍ය කණ්ඩායම එදින පෙරවරු කත්මණ්ඩු නුවරය ළඟා වූ බව වාර්තා වේ.

මීට අමතර ඛේදවාචකයෙන් විපතට පත් හා අවතැනවූවන්ට වියළි ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැගත් ශ්‍රී ලංකන් ගුවන්යානයක් එදින පස්වරුවේ නේපාලය බලා පියාසර කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.

එම යානය නැවත පැමිණෙනවිට එහි වෙසෙන සිසුන් ඇතුළු ශ්‍රී ලාංකිකයින් පිරිසක් ද රැගෙන එනු ඇත.

රිච්ටර් මාපාංක 7.9 ලෙස සටහන් වූ භූමිකම්පාව වසර 80 කින් අනතුරුව එරට සිදු වූ දරුණුතම භූමිකම්පාව වේ. සිද්ධියෙන් 1500 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් ව ඇත.

එම ස්වභාවික ආපදාවෙන් ඉපැරණි නටඹුන් හා සිද්ධස්ථාන රැසකට හානි සිදු ව ඇතැයි ජාත්‍යන්තර ප්‍රවෘත්ති සේවා වාර්තා කරයි.

ඡායාරූප හා වීඩියෝ නරඹන්න -

https://www.facebook.com/media/set/?set=a.697367970392569.1073742037.338...

 

නේපාලයේ අප්‍රේල් 25 වැනි දා සිදු වූ දරුණු භූමිකම්පාවෙන් මොහොතකට පසු
ආර්යනා විජේතිලක
වැඩිදුර තොරතුරු යවන්න

ඔබේ අදහස දක්වන්න