දුෂ්ටයා ඇවිත්

පරාජිත දුෂ්ට බලවේගය යළිත් ක්‍රියාත්මක වෙතැයි කලා ශිල්පීනී දීපානී සිල්වා කියයි.

එය පරාජය සඳහා බුද්ධිමත් ව කටයුතු කළ යුතු වෙතැයි ඇය පෙන්වා දේ.

ඕ මේ බව පැවසුවේ ජූලි 17 වැනි දා පස්වරුවේ කිරිබත්ගොඩ පැවති ජනතා විමුක්ති පෙරමුණේ මහ මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමිනි.

තමා කුඩා කල පටන් ශ්‍රී ලංකාව සංවර්ධනය වන රටක් ලෙස හැඳින්වුව ද දසක කිහිපයක් ඉකුත් වුව ද තවමත් එහි කිසිදු සංවර්ධනයක් දැකිය නොහැකි බව ඇය පැවසී ය.

පාලකයින් තමාගේ හා එම පක්ෂයේ සංවර්ධන කටයුතු පමණක් ම සිදුකරගන්නා බවට ඇය චෝදනා නගයි.

කලා ශිල්පිනී දීපානී සිල්වා කිරිබත්ගොඩ ජවිපෙ රැළිය අමතමින්..
වරුණ සිරිනාග
වැඩිදුර තොරතුරු යවන්න

ඔබේ අදහස දක්වන්න