නේපාලය දෙදුරුම් කයි

වසර 80කට අධික කාලයකට පසුව නේපාලයට බලපෑ දරුණුතම භූ කම්පනය පසුගිය 25 වන දා සිදුවිය.

නේපාලයේ අග නගරය වන කත්මන්ඩු සහ පොක්හාරා නගරය අතර හටගත් මෙම කම්පනය රිච්ටර් මාපකයේ 7.9 ක අගයක් වාර්තා කර ඇත.

මේ වන විට පුද්ගලයන් 2000ක පමණ පිරිසක් මියගිය බවට වාර්තා වන අතර සුන්බුන් අතර සිරවූවන් සොයා මුදවාගැනීමේ කණ්ඩායම් ක්‍රියාත්මක වෙමින් සිටියි.

මින් 700ක් පමණ මරණ අගනුවරින් පමණක් වාර්තා වන අතර හිම කඳු කඩාවැටීම හේතුවෙන් එවරස්ට් කඳුවැටිය ආශ්‍රිතව පුද්ගලයන් 17දෙනෙක් පමණ මරමුවට පත්ව ඇත. මෙම තත්ත්වය එවරස්ට් කඳුවැටියේ සිදුවූ දරුණුතම ඛේදවාචකය ලෙසද වාර්තා වේ.

නේපාලයේ හටගත් මෙම භූ කම්පනය හේතුවෙන් ඉන්දියාව, බංගලාදේශය සහ ටිබෙට් රාජ්‍යයට  ද බලපෑම් සිදුව ඇත.

1934 වසරේදී පුද්ගලයන් 8500ක පමණ පිරිසකට මරු කැඳවූ භූ කම්පනයෙන් අනතුරුව නේපාලයේ හටගත් දරුණුතම ව්‍යවසනය මෙය බවට වාර්තා වේ.

 

මෑත ඉතිහාසයේ වාර්තා වූ දරුණුතම භූ කම්පන;

  • ඉරානය, 2003: මියගිය ප්‍රමාණය 26,000.
  • ඉන්දුනීසියාව, 2004: මියගිය ප්‍රමාණය 230,000.
  • පකිස්තානය, 2005: මියගිය ප්‍රමාණය 100,000.
  • චීනය, 2008: මියගිය ප්‍රමාණය 90,000.
  • හයිටි රාජ්‍යය, 2010: මියගිය ප්‍රමාණය 220,000.

 

නේපාලයේ හටගත් භූ කම්පනය.
විශ්ව විදානගමගේ
වැඩිදුර තොරතුරු යවන්න

ඔබේ අදහස දක්වන්න