පන්සලේ කොටි ජාවාරමක්

තායිලන්තයේ පන්සලක ශිතකරණයක් තුළ තිබී කොටි පැටවුන් 40 දෙනෙකුගේ මළසිරුරු සොයාගැනේ.

ටයිගර් ටෙම්පල් නමින් ලෝකප්‍රසිද්ධ මෙම බෞද්ධ පන්සල නැරඹීම සඳහා විදේශීය සංචාරකයන් විශාල පිරිසක් පැමිණෙති.

මෙම පන්සලට ඇතුළුවීම සඳහා මුදල් අයකිරීම බලධාරීන් විසින් කිරීම තහනම් කර ඇතිවුවත් ඊට ඇතුළුවීම, සතුනට ආහාර ලබාදීම හා සතුන් සමග ජයාරූප ගැනීම සඳහා මුදල් අයකිරීම සිදුකරනු ලැබ ඇත.

මෙහි එන බොහොමයක් සංචාරකයන් ඒ සඳහා ඇල්මක් දක්වන අතර එමගින් මෙම පංසලේ හිමිවරුන් විසින් වසරකට රු මිලියන 400 ට ආසන්න මුදලක් උපයා ඇති බව විදෙස් ප්‍ර‍වෘත්ති වාර්තා පෙන්වා දේ.

කොටි පැටවුන් විකිණීම, නීතිෙවිරෝධී අභිජනනය ආදී ජාවාරම් රැසක් හා සතුනට විවිධ වද හිංසා කිරීම සම්බන්ධයෙන් මෙම පන්සල වෙත චෝදනා එල්ල වී තිබිණ.

බලධාරීන් මෙම පන්සල තුළට ඇතුළුවීම එහි වැඩ වසන හිමිවරුන් විසින් මින් පෙර කීප විටකදීම වළකනු ලැබ ඇති අතර පසුගිය දා එරට වනජීවී බලධාරින් හා සත්ත්ව සංරක්ෂණ සංවිධන මගින් ලබාගන්න ලද අධිකරණ නියෝගයකට අනුව කළ පරික්ෂණවල දී ශීතකරණ තුළින් අදාල සිරුරු හමු ව තිබේ.

එ් වනවිට පන්සලේ හුන් කොටියන් 137 දෙනා සංරක්ෂණ මධ්‍යස්ථාන වෙත ගෙනයාමට එම බලධාරීන් කටයුතු යොදා ඇත.

අමිල වනිගසේකර
වැඩිදුර තොරතුරු යවන්න

ඔබේ අදහස දක්වන්න