පැකායෝ - ෆ්ලොයිඩ් මහ හටන

ෆ්ලොයිඩ් මේ වෙදර් සහ මැනි පැකායෝ අතර වෙල්ටර්වේට් (welterweight) ශූරතාවය සඳහා පැවැත්වීමට නියමිත "එක්සත් කිරීමේ මහා තරගය" (Unification Megafight) බොක්සිං ක්‍රීඩා ඉතිහාසයේ සියළු ආදායම් වාර්තා බිඳ හෙලනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එළඹෙන මැයි මස 2 වන දින "ලාස් වේගාස්" හි MGM ග්‍රෑන්ඩ් හිදී පැවැත්වෙන උක්ත තරගය දැනටමත් සියළු අනුග්‍රාහක ඉපැයීම් වාර්තා බිඳහෙලා ඇත ලෝක ශූර මැනි පැකායෝගේ කළමනාකරු, ටොඩ් ඩුබොෆ් පවසා සිටිනුයේ ඩොලර් මිලියන 400ක ඉතිහාසගත ආදායමක් අදාළ වාර්තා කරනු ඇති බවයි.

ඉකුත් ජනවාරියේ දී මියාමි හීට් (Miami Heat) පැසිපන්දු තරගයක් අතරතුර දෙදෙනා අහම්බයෙන් මුහුණට මුහුණ මුණගැසීමෙන් අනතුරුව දුරකතන අංක හුවමාරු කර ඇති අතර, එම හැදුනුම්කම මත මෙම තරගය සංවිධානය වී ඇත.

"අහම්බෙන් වගේ මාව දුටු සැනින් පැකායෝ තිගැස්සුනා. 'මොහු මට වඩා උසයි, හැඩිදැඩියි' වගේ හැගිමක් ඔහුගෙන් පෙනුනේ. එය මට වාසියක්" ෆ්ලොයිඩ් මේ වෙදර්, අදහස් දක්වමින් කියා සිටියේය.

කෙසේවෙතත් 2008 වසරේ සිට තමන්ගේ සුපුරුදු රිද්මය සොයායන මැනි පැකායෝ මෙය තමන්ට හොඳ අවස්ථාවක් බව විශ්වාස කරයි.

විශ්ව විදානගමගේ
වැඩිදුර තොරතුරු යවන්න

ඔබේ අදහස දක්වන්න