මුහුදු පතුලේ අපද්‍ර‍ව්‍ය ඉවතට

වෙරළ යාබද මුහුදු පත්ල පිරිසිදු කිරීමට පියවර ගැනේ.

ඒ යටතේ එහි රැඳී ඇති නොයෙකුත් අපද්‍ර‍ව්‍ය ගොඩබිම කරා රැගෙන ඒමට නියමිතයි.

ඉකුත් 17 වැනි දා ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චිගේ ප්‍ර‍ධානත්වයෙන්,ශ්‍රී ලංකා විසිතුරු මසුන් අපනයනකරුවන්ගේ සංගමයේ සංවිධායකත්වයෙන් ත්‍රිකුණාමලය වෙරළ තීරයේ දී ව්‍යාපෘතිය ආරම්භ කෙරිණ.

ධීවරයින් හෝ වෙනත් පුද්ගලයින් විසින් මුහුදට බැහැර කරන දිරා නොයන අපද්‍ර‍ව්‍යවලින්,ආක්‍ර‍මණික ජලජ ජීවීන්ගේ තර්ජනයෙන් සහ වෙනත් සාධක මත නොගැඹුරු මුහුදු පත්ලට එක් වන අපද්‍ර‍ව්‍ය හේතුවෙන් කොරල් පර සහ වෙනත් මත්ස්‍යයින් බෝ වන ස්ථාන විනාශ වෙමින් පවතී. එබැවින් අදාල ස්ථාන සංරක්ෂණය කරනු වස් ව්‍යාපෘතිය ආරම්භ කළ බව සංවිධායකයෝ පවසති.

ඒ අනුව ශ්‍රී ලංකා නාවුක හමුදාවේ දායකත්වයෙන් හා කිමිදුම්කරුවන් මගින් එසේ මුහුදු පත්ලේ වන අපද්‍ර‍ව්‍ය ගොඩබිම කරා රැගෙන එනු ලැබිණ.

ජනමාධ්‍ය වෙත අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා එහි දී ප්‍ර‍කාශ කළේ දීපව්‍යප්ත ව ලාංකීය මුහුදු තීර සියල්ල ආවරණය කරමින් ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන බවයි.

ඡායාරූප - https://www.facebook.com/lakdana/posts/951062925023071

වෙරළ අවට මුහුදු පතුළ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය ඇරඹෙමින්
ආර්යනා විජේතිලක
වැඩිදුර තොරතුරු යවන්න

ඔබේ අදහස දක්වන්න