වවාගෙන කෑම

වැලිගම ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති දික්කුඹුරගේ කුලවීර එක්සත් ජාතික පක්ෂයට එක් වේ.

ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධාන පාක්‍ෂිකයන් 1,500 කට අධික පිරිසක් සමග 26 වැනි දා එක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේ ය.

එම ප්‍රචාරක රැස්වීම සංවිධාන කරන ලද්දේ ද හිටපු සභාපතිවරයා විසිනි. 

මේ අවස්ථාවට එක් වූ එක්සත් ජාතික පක්‍ෂ මාතර දිස්ති‍්‍රක් කණ්ඩායම් නායක, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර පැවසුවේ,මහින්ද රාජපක්‍ෂ රෙජීමය  ඉකුත් සමයේ යුද්ධය මුවාවෙන් සිය අභිවෘද්ධිය සලසා ගත්  බවත්, 2010 දී මේ රට කොටි ත‍්‍රස්තවාදයෙන් මුදවා ගත්තේ රාජපක්‍ෂ රෙජීමය නොව වීරෝධාර යුද හමුදාව බවත් ය.

යුද ජයග‍්‍රහණයේ සාමයේ ප‍්‍රතිලාභ ජනතාවට හිමි කර නොදුන් රාජපක්‍ෂ රෙජිමය, යුද්ධයේ ජයග‍්‍රහණය සිය පවුලේ ජයග‍්‍රහණයක් බවට පත් කර ගත් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරන ලදී.

වැලිගම හිටපු ප්‍රා.සභාපති එජාපයට
වරුණ සිරිනාග
වැඩිදුර තොරතුරු යවන්න

ඔබේ අදහස දක්වන්න