සමාන සංවර්ධනයක්

රටේ සෑම ප්‍රදේශයක ම සමබර සංවර්ධනයක් විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියයි.

එක් ප්‍රදේශයක් මුල් කරගනිමින් සියලු රාජ්‍ය හා පුද්ගලික සම්පත් ඒ කරා යොමුකරවීම උචිත නොවන බව හෙතෙම පෙන්වා දේ.

එය යුක්තිසහගත හා සාධාරණ නොවන බව අගෝස්තු 09 වැනි දා පුලස්තිගම ශ්‍රී ප්‍රියදර්ශනාරාමයේ 18 රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නේත්‍රා ප්‍රතිෂ්ඨාපන උළෙල අමතමින් ඔහු පැවසී ය.

වර්තමානයේ ලොව සෙසු සියලු රාජ්‍යයන් ශ්‍රී ලංකාව සමග මිත්‍රශීලී ව පසුවන බව ජනාධිපතිවරයා පවසයි.

සියලු අභියෝග හමුවේ යහපත් හා ශීලාචාර රටක් ගොඩනැංවීම වෙනුවෙන් සිය රජය ඇප කැප වන බවද ඔහු අවධාරණය කළේ ය.

එම අවස්ථාවට සහභාගි වූ පූජ්‍ය දඹර අමිල ස්වාමීන් වහන්සේ,ජනාධිපතිවරයාගේ විශේෂ ඇගයීමට ලක් වන ලදී.

සංවර්ධනය රටට ම සමාන විය යුතුයි - ජනපති මෛත්‍රී
සංඛ අබේගුණසේකර
වැඩිදුර තොරතුරු යවන්න

ඔබේ අදහස දක්වන්න