ලෝක හමුදා දින සැමරුම

ලෝක හමුදා දිනය වෙනුවෙන් වාර්ෂික ව සංවිධාන කරන සීඅයිඑස්එම් මාර්ග ධාවනය මෙවරත් උත්කර්ෂවත් ව පැවැත් වේ.

ඒ සඳහා ත්‍රිවිධ හමුදාපතිවරුන් ප්‍ර‍මුඛ හමුදා සාමාජිකයින් රාශියක් සහභාගි වූ හ.

අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලය හෙවත් සීඅයිඑස්එම් මාර්ග ධාවනය - 2017 ‍පෙබරවාරි 18 වැනි දා කොළඹ ගාලු මුවදොර පිටියේ දී පැවැත්විණි.

එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක ය.

ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ වත්මන් සභාපති ,යුද හමුදාපති ලුතිතන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා,නාවුක හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති, ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් ධාවනයට සහභාගි වූ පිරිස අතර වේ.

ක්‍රීඩාව තුළින් සන්නද්ධ හමුදා එක් ව ලෝක සාමය ළඟා කරගැනීමේ (Friendship through Sports’) අරමුණින් පැවති එය,ගාලු මුවදොර පිටියෙන් ආරම්භ වී කිලෝමීටර් 02 ක දුරක් නිමවා,කොළඹ 02, ආරක්ෂක සේවා විද්‍යාලය අසලින් අවසන් විය.

අන්තර් ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලය ‘Conseil International du Sport Militaire’ 1948 පෙබරවාරි 18 වැනි දා ආරම්භ වූ අතර, අදාල දිනය වෙනුවෙන් සාමාජික රටවල් 134 ක ත්‍රිවිධ හමුදා සාමාජිකයින් මිත්‍රත්වයෙන් එක්රැස් වී විවිධ ක්‍රීඩා ඉසව් සංවිධාන කරනු ලැබේ.

ඡායාරූප - https://www.facebook.com/pg/lakdana/photos/?tab=album&album_id=112203359...

CISM මාර්ග ධාවනය 2017 - ගාලුමුවදොර
ආර්යනා විජේතිලක
වැඩිදුර තොරතුරු යවන්න

ඔබේ අදහස දක්වන්න