වන සම්පත රැකගැන්මට

ජාතික ආයෝජන රාමුව හා ක‍්‍රියාකාරී සැලැස්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත පිළිගැන් වේ.

වන විනාශය හා වන හායනය අවම කිරීම තුළින් හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමේ එක්සත් ජාතීන්ගේ වැඩසටහනට අනුගත වෙමින් සකස් කළ එය 09 වැනි දා පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී එළි දක්වන ලදී.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ‍්‍රී ලංකාවේ නේවාසික නිත්‍ය සම්බන්ධීකාරිකා ඌනා මැකෝලි ආයෝජන රාමුව හා ක‍්‍රියාකාරී සැලැස්ම ජනාධිපතිවරයා වෙත පිරිනැමුවා ය.

ඇය මෙන් ම,සොබාදහම හා එකඟ ජීවන රටාව පිළිබඳ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ ද සභාවේ දී අදහස් දක්වන ලදී.

ප‍්‍රවාහන, කාර්මික හා බලශක්ති ක්ෂේත‍්‍රවල හරිතාගාර වායු අවම කිරීම සඳහා වනාන්තර ගහණය ඉහළ නැංවීම වෙනුවෙන් වන වැඩපිළිවෙලට ශ‍්‍රී ලංකාව ද එළඹ සිටියි.

ජාතික ආයෝජන රාමුව හා ක‍්‍රියාකාරී සැලැස්ම වන සංරක්ෂණ ක්ෂේත‍්‍රයට අදාල ව නිර්මාණය වූ වැඩසටහනක් වන අතර, එහි අරමුණ වන්නේ රාජ්‍ය හා රාජ්‍ය නොවන අංශයන් හි සහයෝගීතාව ඔස්සේ ශ‍්‍රී ලංකාවේ වන විනාශය හා වන හායනය අවම කොට රටේ වනාන්තර වැස්ම වැඩිකිරීම සඳහා අවශ්‍ය ප‍්‍රවේශයක් සැපයීම වේ.

අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, පරිසර අමාත්‍යාංශ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනුර සතරසිංහ ඇතුළු දෙස් විදෙස් නියෝජිත පිරිසක් උත්සවයට එක් ව සිටිය හ.

ඡායාරූප - https://www.facebook.com/lakdana/posts/1200592723403422

වරුණ සිරිනාග
වැඩිදුර තොරතුරු යවන්න

ඔබේ අදහස දක්වන්න