නිසි පරිසර අධ්‍යයන නැහැ

වර්තමානයේ ගෝලීය උණුසුම අනතුරුදායක තත්ත්වයකට පත් ව ඇතැයි අමාත්‍ය පාඨලී චම්පික රණවක කියයි.

මෙතෙක් මෙරට සංවර්ධන ව්‍යාපෘති කි‍්‍රයාත්මක ව ඇත්තේ නිසි පරිසර අධ්‍යයනයකින් තොර ව බව පැවසූ හෙතෙම,ගංවතුරට මුහුණ දීම සඳහා විධිමත් ආරක්‍ෂණ මධ්‍යස්ථාන ඇති කරන බව පැවසී ය.

​මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කර සිටියේ 02 වැනි දා සිය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඇල මාර්ග සහ ජල මාර්ග ආශ‍්‍රිත ගොඩනගා ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම පිළිබඳ සහ නාගරික ප‍්‍රදේශයන් හි සිදුකර ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම එහි අරමුණ වී තිබේ.

ෙඑහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරය‍ා -

‘රටේ පවතින තත්ත්වය පිළිබඳ හා ඇති වී ඇති ඛේදවාචකය පිළිබඳ කිසිදු පාර්ශ්වයකට දොස් නගමින් නොසිට අපට ඉගෙන ගත යුතු පාඩම් ගණනාවක් තිබෙනවා. පසුගියදා සිදු වූ ඛේදවාචකයෙන් මිනිස් ජීවිත 200 ක් පමණ අපට අහිමි උනා. එය ඉතාම බරපතල තත්වයක්. ඒ වගේම නිවාස 800 ක් පමණ විනාශ වී ජනතාව ලක්‍ෂ 6 ක් පමණ අවතැන්ව සිටිනවා. ආර්ථිකමය වශයෙන් මේ වන විට කිසිම තක්සේරුවක් සිදු කර නොමැති අතර වගාවන්, මහා මාර්ග, නිවාස කොයි තරම් ප‍්‍රමාණයකට හානි වූවා ද කියන එක අප දැන් සොයා බැලිය යුතුයි. පසුගිය වසරේ මැයි 16 වන දින කොළඹ නගරය, කඩුවෙල, කොළොන්නාව යන ප‍්‍රදේශයන් හි විශාල ගංවතුර තර්ජනයක් ඇති  වී මිනිස් ජීවිත, නිවාස විශාල සංඛ්‍යාවක් අහිමි උනා. මෙහිදී ප‍්‍රධාන කරුණු දෙකක් පිළිබඳව අපි අවධානය යොමු කළ යුතුයි. එක් කරුණක් නම් ගෝලීය උණුසුම ඉහළ යාමයි. මේ පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් ද දැඩි අවධානය යොමුවිය යුතුයි.

අනෙක් කරුණ නම් අපට වළක්වාගත හැකි ගැටළු පිළිබඳ අවධානය නොතිබීමයි. මහාමාර්ග ඉදිකිරීම, නිවාස ඉදිකිරීම,ගොවිතැන් කිරීම ආදී සංවර්ධන කටයුතු පිළිබඳව නිසි ක‍්‍රමවේදයක් විධිමත් ප‍්‍රතිපත්තියක් නොමැතිවීමයි. සෑම කුඩා කඳු පංතියක්ම හෙළි පෙහෙළි කර අද කුඩා තේවතු බවට පත් කරලා. එසේම දක්ෂිණ අධිවේගී මාර්ගය වැනි සංවර්ධන ව්‍යාපෘති කි‍්‍රයාත්මක වී තිබෙන්නේ නිසි පරිසර අධ්‍යයනයන් සිදු නොකර බව පැහැදිලියි.

පසුගිය වසරේ හා මෙම වසරේ සිදු වූ ව්‍යසනයන්ට පෙර නිසි අනතුරු ඇඟවීමක් සිදු කිරීමට නොහැකිවීම බරපතල ගැටළුවක්. මේ අනුව අප ජනතාව ආරක්‍ෂා කිරීම සඳහා ස්ථාවර ජනතා මධ්‍යස්ථාන ගොඩනැගීමට යෝජනා කරනවා. ඒ සඳහා ආපදා කළමණාකරණ දෙපාර්තමේන්තුව හා ආරක්‍ෂක අංශ සම්බන්ධ කර ගැනීමට කටයුතු යොදා තිබෙනවා.

මේ රටේ ප‍්‍රධාන ආර්ථික මධ්‍යස්ථානය වන කොළඹ නගරය ආරක්‍ෂා කර ගැනීමේ වැඩපිළිවෙල මේ වන විට අප දියත් කර තිබෙනවා. කොළඹ ජලය බැසයාමට ඇති ඇළ මාර්ග අසල අනවසර ඉදිකිරීම් විශාල ප‍්‍රමාණයක් සිදු කර තිබෙනවා. මේ නිසා ජලය බැසයාම පිළිබඳව විශාල ගැටළු රැසක් මතුවී තිබෙනවා. මෙම අනවසර ඉදිකිරීම් පිළිබඳව ජනතා බලයක් අප ගොඩනැගිය යුතුයි. වර්තමානයේ ඉඩම් අනවසර ගොඩනැගීම් සඳහා මෙන්ම අනවසර ඉදිකිරීම් කර ගැනීම සඳහා ඉඩම් හිමියන් කූට උපක‍්‍රම භාවිතා කරනවා. මේ පිළිබඳ වගකිව යුතු රජයේ සෑම ආයතනයක් මෙන්ම අධිකරණය ද විශේෂ අවධානය යොමු කළ යුතුයි. අතමිට සරු පුද්ගලයින් විසින් සිදු කරන අනවසර ඉදිකිරීම් හේතුවෙන් සිදුවන අනතුරු වලදී නීතිය කි‍්‍රයාත්මක වන්නේ ඔවුන්ට එක් අකාරයකටයි. ඒ වගේම දුප්පත් ජනතාවට නීතිය කි‍්‍රයාත්මක වන්නේ තවත් ආකාරයකට වීම බරපතල ගැටළුවක්. මේ රටේ අමාත්‍යවරයෙක් ලෙස මේ පිළිබඳ මා ඉතා කණගාටුවට පත් වෙනවා. මෙම තත්වය නිවැරදි නොවුවහොත් අපේ දරුවන්ට නැවත අතට ආයුධ ගන්නට සිදුවේවි.

ඒ වගේම නිවැරදි කාලගුණික, දේශගුණික තොරතුරු අද රටට අවශ්‍යයි. දියුණු රටවල් නිවැරදි දත්ත පදනම් කර ගනිමින් නිවැරදි කාලගුණික අනාවැකි පළ කිරීම තුළින් විශාල විනාශයන් වලක්වාගෙන තිබෙනවා. ඒ අනුව අප රටටත් නිවැරදි දත්ත පදනම් කර ගත් නිවැරදි පුරෝකථනයක් ලබාදිය යුතුයි. මේ වන විට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සපයන්නේ සාමාන්‍ය පුරෝකථනයක්. මෙම පුරෝකථනය සාමාන්‍ය ජනතාවට අනතුරකින් ඉවත්වීම හෝ අනතුරක් පිළිබඳව නිවැරදි ලෙස දැනුවත් වීමට ප‍්‍රමාණවත් නොවන බව පැහැදිලි වුණා. ඒ අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විධිමත් පුරෝකථනයක් සඳහා අවශ්‍ය පහසුකම් සලසා ගත යුතුය.

විශේෂයෙන් රටක් වශයෙන් එකමුතුවීමට කාලය එළඹ තිබෙනවා. බාල දේශපාලනය නවත්වා නිවැරදි මාවත තෝරාගත යුතුයි. ජනතාව මේ සඳහා පෙළගැසිය යුතුයි. අද ඇලක් සුද්ධ කරන්න ගියහම අපේ නිලධාරීන්ට විවිධ තර්ජන එල්ල වෙනවා. අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේදී බොරු මානව හිමිකම් සංවිධාන විවිධ මාධ්‍ය සංදර්ශන පවත්වමින් ජනතාවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරනවා. උදාහරණයක් ලෙස අධික වැසි සහිත තත්වයක් බදුල්ල නුවරඑළිය ප‍්‍රදේශයන්ට ඇති වුවහොත් සිදුවන විනාශය කිව නොහැකි තරම්. අද නුවරඑළියේ සෑම තැනකම වගාවන් සඳහා කුඩා ඉඩම් කට්ටි වෙන් කරමින් කටයුතු කරනවා. මෙය ඉතාම භයානක තත්වයක්. ජීවත්වීමේ මාර්ගයක්, නිවාස, මහාමාර්ග අවශ්‍ය බව සෑබෑය. නමුත් බාල දේශපාලනයේ කි‍්‍රයාකාරීත්වයෙන් විශාල ව්‍යසනයක් සිදුවී තිබෙනවා. තවද උතුරු හා නැගෙනහිර පළාත දරුණු නියඟයකින් බැට කෑමට නියමිතයි. තව අවුරුදු 50 කින් යාපනය ප‍්‍රදේශය අර්ධ කාන්තාරයක් බවට පත්වන තරමටම ව්‍යසනය බරපතල වී තිබෙනවා. නිජබිම කියා කෑ ගසන අයට අපි ප‍්‍රථමයෙන් කියා සිටින්නේ තමාගේ භූමිය රැක ගන්න ගියා. මේ වන විට යාපනය උපාය මාර්ගික වශයෙන් සංවර්ධනය කර ඒ පරිසරය ආරක්‍ෂා කර ගැනීම සඳහා අප කටයුතු කරමින් සිටිනවා...

සල්ලි තියෙන අයට වෙන ම නීතියක් - ඇමති පාඨලී
අමිල වනිගසේකර
වැඩිදුර තොරතුරු යවන්න

ඔබේ අදහස දක්වන්න