සහල් හිඟයට ඉඩක් නෑ

වෙළෙඳපොලේ සහල් හිඟයක් ඇතිවීමට ඉඩ නොදෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පවසයි.

දේශීය වෙළෙඳපොලේ සහල් සැපයුම අඛණ්ඩ ව පවත්වාගෙන යාමේ අරමුණින් සහල් ආනයනය කිරීමට පියවර ගෙන ඇතැයි ඔහු පෙන්වා දේ.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඉකුත් දා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශීය තානාපතිවරුන් පිරිසක් සමග පැවැති විශේෂ සාකච්ඡාවක දී ය.

ඉන්දුනීසියානු තානාපති ගුස්ටි න්ගුරාත් ආඩියාසා, තායිලන්ත තානාපතිනී චුලාමනී චාර්ට්සුවාන්, වැඩ බලන පාකිස්තානු මහකොමසාරිස් ආචාර්යය සෆ්රාස් අහමඩ් ඛාන් ඊට එක්වන ලදී. 

සහල් ආනයනය සඳහා මිල ගණන් ඉන්දුනීසියාව, තායිලන්තය හා පාකිස්තානය යන රටවලින් තම අමාත්‍යාංශය වෙත ලබා දෙන්නැයි අමාත්‍යවරයා තානාපතිවරුන්ගෙන් ඉල්ලා සිටියේ ය.

ආනයනයට නියමිත සහල්, විශේෂඥ කණ්ඩායමක් මගින් පරීක්ෂා කරවා සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව හරහා කඩිනමින් ආනයනයට පියවර ගන්නා බව ඔහු සඳහන් කරයි.

මෙහි පළමු අදියර යටතේ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 03 ක් ආනයනය කිරීමට අපේක්ෂා කරන බව හෙතෙම පැවසී ය. 

පසිඳු නිර්මාල් ගුණතිලක
වැඩිදුර තොරතුරු යවන්න

ඔබේ අදහස දක්වන්න