අභයාරාමයට සූර්ය බලය

නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ නව සූර්ය බල පද්ධතිය විවෘත කෙරේ. 

නිවාස දසලක්ෂයක් සූර්ය බලශක්තියෙන් බලගැන්වීමේ, සූර්ය බල සංග්‍රාම ප්‍රජා විදුලි ජනන වැඩසටහන යටතේ ජපානයේ තකීමා ටෙක් ආයතනය හා ශ්‍රී ලංකාවේ සෙරෙන්ඩිප් ග්‍රීන් පුද්ගලික සමාගම එක් ව රුපියල් ලක්ෂ 50 ක වියදමින් එය ස්ථාපිත කර ඇත.

සූර්ය බල පද්ධතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් 28 වැනි දා පස්වරුවේ විවෘත කෙරිණි.

නාරාහේන්පිට අභයාරාම විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමින් වහන්සේ, අමාත්‍ය විජයදාස රාජපක්ෂ, නියෝජ්‍ය අමාත්‍ය අමාත්‍ය අජිත්.පී. පෙරේරා, ලංකාවේ ජපාන තානාපති කෙනෙචි සුගනුමා, තකීමා ටෙක් ආයතනයේ සභාපති කොටගි, තොෂියො මිසුෂිමා,යසුඕ කුරියමා, සෙරෙන්ඩිප් ග්‍රීන් සමගාමේ සභාපති සහිඩා හෙට්ටිආරච්චි ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටිය හ.

ඡායාරූප - https://www.facebook.com/lakdana/posts/1246871625442198

 

වැඩිදුර තොරතුරු යවන්න

ඔබේ අදහස දක්වන්න