කතරගමට දාන ශාලාවක්

කතරගම පුදබිමේ නව දෙමහල් දාන ශාලාව විවෘත කෙරේ.

කතරගම ශී‍්‍ර තෛවයානෛ අම්මාන් දේවස්ථානයේ අභිනවයෙන් ඉදිකළ එය අනදානම් මණ්ඩපම් ශාලාව ලෙස නම් කර ඇත.

පෙරහර සමයේ කතරගම පුදබිම වෙත පැමිණෙන බැතිමතුන්ට දානය පිළිගැන්වීමට  පැවති වසර 100 ක් පමණ පැරණි ශාලාව වෙනුවට ඉදි කර ඇති එහි එකවර බැතිමතුන් 1000 කට පමණ දානය පිළිගැන්වීමේ පහසුකම් පවතී.

දේවස්ථානස්ථ දායක සභාවේ සහ දානපතීන්ගේ පරිත්‍යාගයෙන් ඉදිකර ඇති නව ගොඩනැගිල්ලට වැය කර ඇති මුදල රුපියල් කෝටි 18 ක් වේ.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන අතින් 09 වැනි දා පෙරවරුවේ එය විවෘත කෙරිණි.

කතරගම ශී‍්‍ර තෛවයානෛ අම්මාන් දේවස්ථානයේ දායක සභාවේ සභාපති අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන්,අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ඩබ්ලිව්.ඩී.‍ජේ. සෙනෙවිරත්න ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූ හ.

ඡායාරූප - https://www.facebook.com/lakdana/posts/1256663784462982

වැඩිදුර තොරතුරු යවන්න

ඔබේ අදහස දක්වන්න