ගැබිණි මව්න්ට විශේෂ සේවා

මධ්‍යම පළාතේ මව්වරුන්ගේ පෝෂණය නැංවීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.

පළාතේ මාතෘ සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය එය සංවිධාන කරන ලදී.

ගැබිණි මව්වරුන්ට පෝෂණ මලු හා වියළි සලාක ඛෙදාදීමේ අදාල විශේෂ වැඩසටහන16 වැනි දා පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මහනුවර ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණ.

ගැබිණි මව්වරුන් 1000 කට අධික ප්‍රමාණයකට මෙම වියළි සලාක හා පෝෂණ මලු බෙදාදීම සිදුකෙරුණු අතර එය සංකේතවක් කරමින් ජනාධිපතිවරයා ඔවුන් හට වියළි සලාක හා පෝෂණ මලු පිරිනමන ලදී.

ගැබිණි මව්වරුන් උදෙසා සකස් කළ දිවා භෝජන සංග්‍රහයට ද ජනාධිපතිවරයා එක්විය.

හදිසි අනතුරකින් මියගිය සිය පුත්‍රයාගේ හදවත හදවත් සැත්කමක් වෙනුවෙන් දන් දුන් උඩුනුවර පදිංචි අයි.ජී. නන්දසේන සහ ඉන්ද්‍රා කල්‍යාණි එදින ජනාධිපතිවරයා මුණගැසුණ හ.

ඔවුන්ගේ සුවදුක් විමසූ ජනාධිපතිවරයා, සිදුකළ උදාර පරිත්‍යාගය පිළිබඳ සිය කෘතවේදීත්වය පළකර සිටියේ ය.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක, සබරගමු පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා, උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී.බී දිසානායක, දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, හිටපු අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක ද එක්වූ හ.

ඡායාරූප - https://www.facebook.com/lakdana/posts/1263483050447722.

වරුණ සිරිනාග
වැඩිදුර තොරතුරු යවන්න

ඔබේ අදහස දක්වන්න