මාලඹේ රෝහල රජයට

මාළඹේි නෙවිල් ප්‍රනාන්දු රෝහල 17 වැනි දා රජයට පවරා ගැනේ.

එහි සෞඛ්‍ය සේවා කටයුතු අගෝස්තු 01 දා සිට ඇරඹීමට නියමිතයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් 17 වැනි දා පෙරවරු 10.00 ට අදාල රෝහල් භූමියේ දී පවරාගැනීමේ කටයුතු සිදු කෙරෙනු ඇත. 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ‍16 වැනි දා පැවති මාධ්‍ය හමුවක දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මෙි පිළිබඳ පැවසී ය.

"එම රෝහලේ තක්සේරු වටිනාකම රුපියල් බිලියන 3.5 ක් වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරා ගැනීමෙන් පසු ශික්ෂණ රෝහලක් ලෙස පවත්වාගෙන යනවා. ශික්ෂණ රෝහලකට අවශ්‍ය සියලුම අංගෝපාංග එම රෝහල සතුයි. රෝහල ඉදිකිරීම සදහා ලබාගත් බැංකු ණය සියල්ලම වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා විසින් අඛණ්ඩව ගෙවනු ලබනවා. මෙය දානමය පරිත්‍යාගයක්. ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල මෙන් විශේෂ මණ්ඩලයක් මගින් නිදහස් රෝහලක් ලෙස එය අගෝස්තු මස 01 සිට ක්‍රියාත්මක කරනවා. සයිටම් වෛද්‍ය පීඨයේ එක් ගැටළුවක් වන රෝහලට රෝගීන් නැතිවීමේ ප්‍රශ්නය මෙමගින් විසදන්න පුළුවන්. නැගෙනහිර කොළඹ ජනතාවට මහ රෝහලක අවශ්‍යතාවයක් ද තිබුනා. විශේෂඥ වෛද්‍යවරු 44 ක් මෙහි සේවය කරනවා. තවත් වෛද්‍යවරු 70 කට අධික සංඛ්‍යාවක් මෙහි සේවය කරනවා. අඩුපාඩු සකස් කරමින් මහජන සේවා සඳහා එය විවෘත කිරිමෙි දී විශාල ජනතාවකට සෙත සැළසෙනවා. විදේශීය වෛද්‍ය අධ්‍යාපනය වෙනුවෙන් වාර්ෂිකව වැය කරන රුපියල් බිලියන 132 ක මුදල ඉතිරිකර ගැනීමට හැකියාව ලැඛෙනවා. මෙමගින් තවත් ආයෝජන ව්‍යාපෘති ලැඛෙන්න පුළුවන්. මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල සියයට 100 ක් ම දේශීය ආයෝජනයක් වීම ද වැදගත්.” 

මෙම මාධ්‍ය හමුවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් අචාර්ය රංග කලංසූරිය ද එක්ව සිටිය හ.

 

 

 

වරුණ සිරිනාග
වැඩිදුර තොරතුරු යවන්න

ඔබේ අදහස දක්වන්න