වසරේ රන් කාන්තාව

වසරේ කාන්තාවට හිමි රන් සම්මානය ඇමතිනී තලතා අතුකෝරලට හිමි වේ.

ජුලි 14 වැනි දා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති Top 50 Proffessional and career woman awards Srilanka - 2017  සම්මාන උළෙලේ දී එය පිරිනැමිණ.

විදෙස්ගත ශ‍්‍රමිකයින් වෙනුවෙන් සිදුකළ සේවා හා දේශපාලනික වශයෙන් ඇය ලබාගත් ජයග‍්‍රහණ, ලබාදුන් සුවිශේෂි දායකත්වය වෙනුවෙන් එය පිරිනමන ලදී.

සිය සොයුරු දිවංගත ගාමිණි අතුකෝරලගේ අභාවයෙන් අනතුරුව 2004 වසරේ දේශපාලනයට පිවිසි ඇය, එතැන් පටන් පැවති පාර්ලිමේන්තු මැතිවරණවල දී අඛණ්ඩ ව රත්නපුර දිස්ති‍්‍රක්කයෙන් එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රථමයා ලෙස වැඩි ම මනාප ලබා ගත්තා ය.

2015 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඊට ඉදිරිපත් වූ කාන්තා අපේක්‍ෂිකාවන් අතරින් මනාප 144960 ක් ලැබ පළමු ස්ථානය හිමිකර ගත්තේ ද ඇයයි.

විදේශ රැකියාවල නිරත ලාංකික ශ‍්‍රමිකයින් වෙනුවෙන් විශේෂ සුභසාධන වැඩසටහන් රාශියක් ආරම්භ කළ ඕ, 2016 වසරේ විගමණික ශ‍්‍රමිකයින් සපයන රටවල් හා ශ‍්‍රමිකයින් ලබාගන්නා රටවල් අතර පැවති කොළඹ කි‍්‍රයාදාමය සමුළුවේ වසර 2ක් සඳහා සභාපතිධුරයට තේරී පත් වූවා ය.

2017 වසරේ ජනවාරි මාසයේ පැවති අබුඩාබි සංවාදය සමුළුවේ සභාපතිධුරයට පත්වූයේ ද ඇයයි. 

ඡායාරූප - https://www.facebook.com/lakdana/posts/1263930967069597

සංඛ අබේගුණසේකර
වැඩිදුර තොරතුරු යවන්න

ඔබේ අදහස දක්වන්න