මහජන ඩිජිටල් මධ්‍යස්ථානය

මහජන බැංකුවේ ඩිජිටල් මධ්‍යස්ථානය කොළඹ 01, යෝර්ක් වීදියේ, අංක 68 දරන ස්ථානයේ දී විවෘත කෙරේ.

අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ විසින් එය විවෘත කළ එය පූර්ණ වශයෙන් ඩිජිටල්කරණය වූ ප්‍රථම බැංකු මධ්‍යස්ථානයයි.

එදින පටන් සිය ගනුදෙනුකරුවන්ට නව ඩිජිටල් තාක්ෂණය ඔස්සේ වඩා ඉක්මන් හා පහසු සේවාවක් ලබාදීම සඳහා පීපල්ස් එක්ස්ප්‍රස් බෑන්කින් සේවාව දියත් කිරීමටද මහජන බැංකුව කටයුතු යොදා ඇත.

ආරම්භයේදී නව ඩිජිටල් යන්ත්‍ර හා පහසුකම් භාවිතයෙන් ගනුදෙනු කිරීමේදී ගනුදෙනුකරුවන්ට ඒ සම්බන්ධයෙන් මගපෙන්වීම් සිදුකිරීම සඳහා බැංකු කාර්යය මණ්ඩලය කටයුතු කරනු ඇති අතර, මේ පිළිබඳ ගනුදෙනුකරුවන් මනා පළපුරුද්දක් ලැබූ පසු ඔවුන්ට සහයෝගයකින් තොරව තම ගනුදෙනු කටයුතු සිදුකිරීමට හැකියාව ලැබෙයි.

2020 වසර වනවිට වඩාත්ම ඩිජිටල්කරණය වූ බැංකුව බවට පත්වෙමින් සිය ගනුදෙනුකරුවන්ට ඩිජිටල් තාක්ෂණයේ ප්‍රතිලාභ උපරිමයෙන් අත්පත් කර දීම සඳහා මහජන බැංකුව යන ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස මෙය හැඳින්විය හැකි වේ.  

 

ඩිජිටල් මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබිර් හෂිම්,විදේශ අමාත්‍ය රවී කරුණානායක, ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි,  මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්,  ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරී එන්. වසන්ත කුමාර්  ඇතුළු ආයතනික කළමනාකාරිත්වය,  රජයේ නිලධාරීන්,  බැංකු නිලධාරීන් සහ ගනුදෙනුකරුවන් විශාල පිරිසක් සහභාගි වූ හ. 

 

ඡායාරූප - https://www.facebook.com/lakdana/posts/1273509429445084

විශ්ව විදානගමගේ
වැඩිදුර තොරතුරු යවන්න

ඔබේ අදහස දක්වන්න