රග්බි ජය පොදු සේවාවට

අන්තර්රෙජිමේන්තු රගර් සූරතාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය දිනාගනී.
2017 වසරේ අන්තර්රෙෙජිමේන්තු රගර් තරගාවලියේ අවසන් මහා තරගය 28 වැනි දා කොළඹ, තුරඟ තරග පිටියේ දී පැවැත්විණ.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි වූ අතර, යුද්ධහමුදා රගර් කමිටුවේ සභාපති හා යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ඔහු පිළිගත්තේ ය.
අවසන් මහා තරගයට ප්‍රථම, පාකිස්තාන යුද්ධ හමුදා රගර් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා රගර් කණ්ඩායම අතර සුහද තරගයක් පැවති අතර, එහිදි පකිස්තානු යුද්ධ හමුදා කණ්ඩායමට ජය
හිමිවිය.
ශ්‍රී ලංකා - පාකිස්තානු යුද්ධ හමුදා ක්‍රීඩා හුවමාරු වැඩසටහන යටතේ බ්‍රිගේඩියර් ගුලාම් ජිලානි ගේ නායකත්වයෙන් යුත් 17 දෙනෙකුගෙන් සමන්විත පාකිස්තානු යුද්ධ හමුදා රගර් කණ්ඩායම 24 වැනි දා දිවයිනට පැමිණි අතර, ජූලි මස 25 වැනි දින සිට මෙම ද්විපාර්ශ්වීය රගර් තරගාවලිය ඇරඹිණි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකාය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය අතර පැවති අවසන් තරගයෙන් ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය ලකුණු 26 - 03 ක් ලෙස ජයග්‍රහණය හිමි කරගත්තේ ය.

යුද්ධ හමුදාධිපතිතුමා විසින් ජයග්‍රාහක ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා කණ්ඩායමට සහ සුහද තරගය ජයගත් පාකිස්තානු යුද්ධ හමුදා කණ්ඩායමට සූරතා කුසලාන පිරිනමන ලදී

ශ්‍රී ලංකාවේ පාකිස්තාන වැඩබලන මහා කොමසාරිස් ආචාර්ය සර්ෆාස් අහමඩ් කාන් සිප්රා, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටිය හ.

ඡායාරූප - https://www.facebook.com/lakdana/posts/1275401472589213

අමිල වනිගසේකර
වැඩිදුර තොරතුරු යවන්න

ඔබේ අදහස දක්වන්න