ජනපති අනුරපුරයේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජාතික පිච්ච මල් පූජාවට සහභාගි වේ.

අනුරාධපුර ඓතිහාසික පුදබිම වෙත 29 වැනි දා පස්වරුවේ ගිය හෙතෙම ආගමික වතාවත්වල නිරත ව ආශිර්වාද ලබා ගත්තේ ය.

ප්‍රථමයෙන් ඓතිහාසික ජය ශී‍්‍ර මහා බෝධින් වහන්සේ අබියස ආගමික වතාවත්වල නිරත වූ ඔහු රුවන්වැලිසෑය අබියස පැවති ආගමික වතාවත් සඳහා ද එක් වන ලදී.

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක ස්වාමින් වහන්සේ බැහැ දුටු ජනාධිපතිවරයා ජාතික පිච්ච මල් පූජාවට සහභාගි වූ ජනතාව සමග ද සුහද කථා බහක නිරත විය.

ජයන්ති සිරිසේන මැතිණිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටිය හ.

ඡායාරූප - https://www.facebook.com/lakdana/posts/1275989749197052

වැඩිදුර තොරතුරු යවන්න

ඔබේ අදහස දක්වන්න