හෙට දකින රනිල් 17 වැනි දා

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ දශක හතරක දේශපාලන ගමන්මගේ සුවිශේෂ අවස්ථා ආවරණය කළ හෙට දකින රනිල් ප්‍රදර්ශනය 2017 අගෝස්තු මස 17 වැනි බ්‍රහස්පතින්දා සවස 3.30 ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඇරඹේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් එය අරඹන බව අරලියගහ මන්දිරය නිවේදනය කරයි.

ප්‍රදර්ශනය අගෝස්තු 18 වැනි දා සිට 20 වැනි දා දක්වා පෙ.ව. 10.00 සිට ප.ව. 8.00 දක්වා විවෘත ව තැබීමට නියමිත ය.

1977 වසරේ එවකට ළාබාලතම මන්ත්‍රීවරයා ලෙස පාර්ලිමේන්තුවට පිවිසුණු රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා, ලාංකේය දේශපාලනයේ තීරණාත්මක භූමිකාවක් හෙබ වූ අතර,ස්වකීය දශක හතරක අභියෝගාත්මක දේශපාලන ගමන තුළ ඔහුගේ ජාතික මෙහෙවර ඇගයීම ප්‍රදර්ශනයේ ප්‍රමුඛ අරමුණ වේ.

ලාංකේය දේශපාලන අවකාශයේ පරිණත දේශපාලන නායකත්වයක රුව ගුණ විදහා දැක්වෙන සේ ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය උදෙසා අග්‍රාමාත්‍යවරයාගේ සුවිශේෂ මැදිහත්වීම ඉස්මතු කරමින් හෙට දකින රනිල් සංවිධාන කර ඇත.

වැඩිදුර තොරතුරු යවන්න

ඔබේ අදහස දක්වන්න