පාබල හමුදාවට ජයක්

ආබාධිත ගෘහස්ත ඔරු පැදීමේ සූරතාව ශ්‍රී ලංකා පාබල හමුදාවට හිමි වේ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා 2017 අන්තර් රෙජිමේන්තු ගෘහස්ථ පැරි ඔරු පැදීමේ තරගාවලිය 10 වැනි දා පනාගොඩ යුද්ධ හමුදා ජනපද ක්‍රීඩාගාර පරිශ්‍රයේ දී පැවැත්විණි.
යුද්ධ හමුදා තරගකරුවන් 48 දෙනෙකු කණ්ඩායම් 7 ක් යටතේ ඊට සහභාගි වූ හ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකාය, ශ්‍රී ලංකා පාබල හමුදාව, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, ගැමුණු හේවා බලඇණිය, ගජබා රෙජිමේන්තුව, විජයබාහු පාබල රෙජිමේන්තුව සහ විශේෂ බලකායේ පැරා ඔරු පැදීමේ කණ්ඩායම් ඒ අතර වේ.
යුද්ධ හමුදා පැරා ඔරු පැදීමේ කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් රුවන් කුලතුංගගේ උපදෙස් අනුව 11 වැනි ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකා අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එම්.ටි.සී. ද සිල්වා සහ භට පිරිස් මෙම තරගාවලිය සංවිධාන කළ හ.
ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සංඥා බලසේනාධිපති බ්‍රිගේඩියර් තිලක් වෛද්‍යරත්න ඊට සහභාගි විය.

ඡායාරූප - https://www.facebook.com/lakdana/posts/1287793708016656

වරුණ සිරිනාග
වැඩිදුර තොරතුරු යවන්න

ඔබේ අදහස දක්වන්න