රොෂාන්ගේ ගී තැටි 02 ක්

ජනප්‍රිය ගායන ශිල්පී රොෂාන් ජයකොඩිගේ ගී නිර්මාණ සහිත සංයුක්ත තැටි 02 ක් අගෝස්තු 26 වැනි දා ජනගත කෙරේ.

සුපුන් සඳක් පායා බොදු බැති ගී එකතුව සහ නීල නයන සරල ගී එකතුව එම සංයුක්ත තැටි යුගලයයි.

දොරට වැඩුම 26 වැනි දා පස්වරු 04.00 ට කොළඹ 07,බස්නාහිර පළාත් සෞන්දර්යය නිකේතනයේ දී පැවැත් වේ.

ප්‍රංශයේ පදිංචි පරිගණක ක්ෂේත්‍රයේ සේවයේ නිරත රොෂාන් යුරෝපයේ වෙසෙන ලාංකිකයින් පිනවීමට සිය හඬ දායක කරන,ගායන ශිල්පියෙකි.

මහනුවර කටුගස්තොට ඉපිද කුඩා කල පටන් සංගීතයට ප්‍රිය කළ ඔහු ගායනයට මෙන් ම වාදනයට ද එක සේ දස්කම් දක්වන්නෙකු වේ.

විශාරද එඩ්වඩ් ජයකොඩි මහතා,විශාරද විජේසේන කොඩිප්පිලි,ලක්ෂ්මන් විජේසේකර,ආනන්ද වීරසිරි, රෝහණ වීරසිංහ,සුනිල් දයානන්ද කෝනාර යන සංගීතවේදීන්ගෙන් සංගීතය උගත් රොෂාන් ගීත රචනයට, සංගීත තනු නිර්මාණයට, සංගීත සංයෝජනයට ද සිය හැකියාව දක්වා ඇත.

ඔහුගේ ගීත 16 කින් සමන්විත සුපුන් සඳක් පායා බොදු බැති ගී සංගත තැටිය සඳහා  පුජ්‍ය නාහල්ලේ රාහුල හිමි, සමන්මලී සේනානායක සහ රොෂාන් ජයකොඩි ගීත රචනා කර ඇති අතර, සියලුම ගීත වල තනු නිර්මාණය ගායකයා සතු ය. සංගීත නිර්මාණය සහ සංයෝජනය ජනප්‍රිය යොවුන් සංගීතඥ තරිඳු ජයතිලක විසිනි.

ගීත 16 කින් සමන්විත "නීල නයන" සංයුක්ත තැටිය සඳහා ගීත රචනයෙන්  යසනාත් ධම්මික බණ්ඩාර, නාරද විජේසුරිය, ශ්‍රීනාත් සම්පත් දහනායක, ලෂාන් නාලක, ශාමිලා හුසේන්, සියඹලන්ගමුවේ අමරදාස, මාලිනි ජයකොඩි, රන්සර බණ්ඩාර, මාධවී විජේසිංහ, රවීන්ද්‍ර සෙල්ලහේවා, සෝමදාස සූරියආරච්චි, ප්‍රසන්න ගාමිණී, රොෂාන් ජයකොඩි, රුවන් කුමාර මැද්දෙගේ එක් ව සිටිති.

සංගීතය සහ තනු නිර්මාණයෙන් සුනිල් දයානන්ද කෝණාර, නාලක අංජන කුමාර, චතුර පෙරේරා, දර්ශන වික්‍රමතුංග, තරිඳු ජයතිලක, එම්.ආර්. චුලසිංහ, එච්.එම් ජයවර්ධන, රොෂාන් ජයකොඩි දායක වී තිබේ.

රොෂාන් ජයකාඩිට ලක්දන සුබපැතුම්!

වැඩිදුර තොරතුරු යවන්න

ඔබේ අදහස දක්වන්න