අගෝස්තු 25 වැනි දා

රාජ්‍ය සේවකයන්ට පළාත් පාලන ආයතනයන්ට තරග කිරිමට අවස්ථාව දිය යුතුය යන ඒකාබද්ධ විපක්ෂයේ සංශෝධනයට අදාල ව පැවැති ඡන්ද විමසිමේ දි ආණ්ඩුව ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරද්දි කම්කරු හා වෘත්තිය සමිති සබඳතා ඇමති ඩබ්ලිව්.ඩි.ජේ සෙනෙවිරත්න  ඡන්දය දිමෙන් වැලකි සිටියේ ය.
පළාත් පාලන ආයතන ඡන්ද විමසිම් (සංශෝධන) පනත් කෙටුම්පත අනුව රාජ්‍ය සේවකයන් පළාත් පාලන ආයතනයකට තරඟ කිරිමට වසරකට පෙර සේවයෙන් ඉල්ලා අස්විය යුතු වේ. එම වගන්තිය ඉවත් කරන ලෙසට සංශෝධනයක් ඒකාබද්ධ විපක්ෂය ගෙනා අතර එය පිළිගත නොහැකි බව ආණ්ඩුව ප්‍රකාශ කළේ ය.
එහිදි ආණ්ඩුව ඉදිරිපත් කරනු ලැබුවේ ක්ෂේත්‍ර නිලධාරින්ට පමණක් එම වගන්තිය අදාල වන ලෙස සංශෝධනය කරන බවය. එම නිසා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රි විමල් විරවංශ ඒකාබද්ධ විපක්ෂයේ සංශෝධනයට ඡන්ද විමසිමක් ඉල්ලා සිටියේය.
එම ඡන්ද විමසිමේදි ඇමතිවරයා ඡන්දය දිමෙන් වැලකී සිටියේය. මේ පිළිබඳව මාධ්‍ය ඩබ්ලිව්.ඩි.ජේ. සෙනවිරත්න මහතාගෙන් කළ විමිසිමේ දි ඔහු කිවේ ක්ෂේත්‍ර නිලධාරින්ට ඡන්ද ඉල්ලිමට ඇති අයිතිය අහිමි කිරිම ඔවුන්ගේ මානව හිමිකම් කඩ කිරිමක් බැවින් හෘද සාක්ෂියට එකඟව ඡන්දය ප්‍රකාශ කළ නොහැකි නිසා වැලකි සිටි බවය. පක්ෂය මේ සම්බන්ධයෙන් තිරණයක් ගෙන නොමැති නිසා ගැටලූවක් මතු නොවනු ඇති බවද ඔහු කිවේ ය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසිම් (සංශෝධන) පනත් කෙටුම්පත ඡන්ද 120 කින් සම්මත විය.
සංශෝධන ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඡන්දය පැවැති අතර ආණ්ඩුව සමග පනතට පක්ෂව ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය ඡන්දය ප්‍රකාශ කිරිම නිසා ඡන්ද 120 කින් සභා සම්මත විය.
ඒකාබද්ධ විපක්ෂය ඡන්දය ප්‍රකාශ කිරිමෙන් වැළකි සිටි අතර පළාත් පාලන ඡන්ද විමසිම් (සංශෝධන) පනත් කෙටුම්පතට 44 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරිමෙන් වැළකි සිටියහ.
පනතට සංශෝධන ඉදිරිපත් කරද්දි රාජ්‍ය සේවකයන්ට සේවයෙන් ඉවත්විමෙන් තොරව ඡන්දය ඉල්ලිය නොහැකිය යන වගන්තිය ඉවත් කරන ලෙස ඒකාබද්ධ විපක්ෂය කළ සංශෝධනයට ආණ්ඩුව එකඟ නොවු අතර ක්ෂේත්‍ර නිලධාරින් හැර අන් අයට ඉවත්විමෙන් තොරව මැතිවරණයට ඉදිරිපත්විය හැකිය යන ලෙස සංශෝධනය කිරිමට රජය යෝජනා කළේය.
එහිදි ඒකාබද්ධ විපක්ෂයේ සංශෝධනය පිළිනොගැනිම නිසා එම වගන්තියට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව කි විමල් විරවංශ බෙදිමක් අවශ්‍ය බව කතානායක කරු ජයසූරියගෙන් ඉල්ලා සිටියේය.
ඒ අනුව ඡන්ද විමසිමක් පැවැති අතර එහිදි සංශෝධනයට පක්ෂව ඡන්ද 44 ක් හා විපක්ෂව ඡන්ද 120 ක් ලැබිමෙන් වැඩි ඡන්ද 76 කින් පරාජයට පත්විය. එක් අයෙක් ඡන්දය විමසිමෙන් වැළකි සිටියේය.
සංශෝධන අවසානයේ පනත් කෙටුම්පත තුන්වන වර කියවිම සම්මත වූ බව කතානායකවරයා නිවේදනය කළ අතර එහිදි ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන කීවේ තමන් බෙදිමක් ඉල්ලූවත් එයට අවස්ථාව නොදුන් බවකි.
කතානායකවරයා හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක කිවේ ඔවුන් ඡන්දයක් නෙඉල්ලූ බවත් ඡන්දය දිමෙන් වැලකි සිටින බව කියා සිටි බවත්ය. දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ වැලකි සිටිමට පෙර ඡන්දයක් පැවැත්විය යුතු බවකි.
අවසානයේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කිවේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලිම පරිදි ඡන්දයක් ලබා දිය යුතුය යන්නයි. ඒ අනුව ඡන්දය විමසු අතර පනත ඡන්ද 120 කින් සම්මත විය

වැඩිදුර තොරතුරු යවන්න

ඔබේ අදහස දක්වන්න