පාසල් නොයන දරුවන්ට

ආර්ථික අපහසුකම් හේතුවෙන් පාසල් යාමේ දුෂ්කරතා සහිත දරුවන්ට සහන සැලසේ.

පාසල් යා යුතු වයසේ පසුවන අදාල දුෂ්කරතා සහිත දරුවන් වෙනුවෙන් සහන සැලසීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කර එළඹෙන අයවැය යෝජනා සඳහා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි.  

ජාත්‍යන්තර සාක්ෂරතා දිනය යෙදෙන සැප්තැම්බර් 08 වැනි දා නිමිති කරගෙන අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇති වැඩසටහන් පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම පිණිස 30 වැනි දා පෙරවරුවේ බත්තරමුල්ල, අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේ දී  ඔහු ඒ බව ප්‍රකාශ කළේ ය.

ඒ යටතේ විශේෂ අධ්‍යාපන ගුරුවරුන් 831 දෙනෙක් සේවයට බඳවා ගැනීමට පියවර ගැනේ.

කායික, මානසික හෝ වෙනත් ආබාධ සහිත දරුවන් වෙනුවෙන් සම්පත් හා තොරතුරු මධ්‍යස්ථානයක් ඉදි කිරීමටත්,සියලු විශේෂ අධ්‍යාපන ඒකක අන්තර්කරණ සම්පත් මධ්‍යස්ථාන ලෙස වැඩිදියුණු කිරීමටත්,ඊට අමතර ආබාධිත දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ඩිජිටල් තාක්ෂණික උපකරණ භාවිතයටත් පියවර ගන්නා බව ඇමතිවරයා සඳහන් කරයි.

පාසල් සිසුන් හෝ ගුරු භවතුන් හේතුවෙන් අනාරක්ෂිත අවුරුදු 5-16 සිසුන් වෙත්නම් ඔවුන් නැවත පාසල්ගත කිරීමට අවශ්‍ය විනයානුකූල කටයුතු සඳහා අධ්‍යාපන අමාත්‍යංශය සහ පළාත් අධ්‍යාපන බලධාරීන් මැදිහත්වන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දේ.

අමිල වනිගසේකර
වැඩිදුර තොරතුරු යවන්න

ඔබේ අදහස දක්වන්න